’’ඩිජිටල් එන්නත් සහතික ලබාගන්න පැය 24 කදි අයදුම්පත් 1000ක්’’ අන්තර්ජාලය හරහා ‘ඩිජිටල් එන්නත් සහතිකය’ (ස්මාර්ට් වැක්සිං සටිෆිකට්) ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කර පළමු පැය 24 තුළදී අයැදුම්පත් 1000 පමණ ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු පිළිබඳව අධ්යක්ෂ විශේෂඥා වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය. 27 August 2021
තනිවම කොවිඩ් පරීක්ෂාව කරගත හැකි උපකරණ ගෙන්වීමට සාකච්ඡා කොවිඩ් වැළඳී ඇත්ද යන්න නිවසේදීම පරීක්ෂා කරගත හැකි ස්වයං රෝග විනිශ්චය කට්ටල මෙරටටත් ගෙන්වීම ගැන මේ වන විට සාකච්ඡා කෙරීගෙන යන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. 27 August 2021
බදියුදීන්ගේ මාමණ්ඩියට ඇප ඉල්ලා කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ මාමණ්ඩියට කොවිඩ් ආසාදිතව ඇති බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසට නිතීඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (27) ප්‍රතික්ෂේප කළාය. 27 August 2021
’’ රට වැසියයුත්තේ විද්‍යාත්මකවයි’’ නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ නිසි ප්‍රයෝජනය ගන්නට නම් එය විද්‍යාත්මක රට වැසීමක් බවට පත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (27) ප්‍රකාශ කළේ ය. 27 August 2021
’’ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ’’ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් රට වසා දැමුවත් කොරෝනා පැතිරීම පාලනය කළ නොහැකිවනු ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (27) පැවසුවාය. 27 August 2021
සිසු නායකයන්ට ‘කොවිඩ්’ හැදුණේ බන්ධානාගාරයෙන් ? බන්ධනාගත කර දින 20 කට පසුව සිසු නායකයන්ට ‘කොවිඩ්’ වැළදීමෙන් ඔවුන්ට වරයිරසය බන්ධානාගාරයෙන් බෝවීම ඇතැයි තහවුරු වන බවත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුල්කිරීමට පෙර කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරුව තිබූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය. 27 August 2021
සුරාසල් වසා තැබීමෙන් රජයට රු: කෝටි 500ක පාඩුවක් මත්පැන් අලෙවිසල් දින දහයක් වසා දැමීමෙන් රජයට රුපියල් කෝටි 500 ක පමණ බදු ආදායමක් අහිමි වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 27 August 2021
යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් අවම සේවක සංඛ්‍යාවක් කැඳවා සේවා පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. 27 August 2021
අජිත් රෝහණ රෝහලෙන් පිටව යයි කොවිඩ් රෝගය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සුවය ලැබීමෙන් පසු අද (27) රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ. 27 August 2021
කොන්දේසි සහිතව ඉන්දීය සංචාරකයන්ට මෙරට දොරටු විවර වෙයි කොන්දේසි සහිතව ලබන 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත. 27 August 2021
තව සතියක් රට වහයි කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 27 August 2021
අගෝස්තු මාසයේදී පොලිස් නිලධාරීන් 10ක් කොරෝනාවට බිලි කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් අගෝස්තු මාසයේදී පමණක් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 27 August 2021
සිරකරුවන් 16,000කට කොවිඩ් එන්නත් බන්ධනාගාර ගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත දැනට ලබාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. 27 August 2021
‘‘බැසිල් ඇවිත් කළ දේ රංගේ කියයි‘‘ ආණ්ඩුවේ හොරණෑ ජය සක් මැද මොළ හතක මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පත් කළ පසුව සිදු වූ එකම දේ උදේට කිරි වීදුරුවක් බීපු මිනිහා කහට කෝප්පයට ඇද වැටීම යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 27 August 2021
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට පණිවුඩයක් මෙම වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා අයැදුම්පත් යොමු කිරීමට අවස්ථාව දෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. 27 August 2021
ලක්සල ප්රදර්ශනාගාරයක් ඇමෙරිකාවට ඉතිහාසයේ ප්‍රථම වරට ”ලක්සල” අළෙවි ප්රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුමකට අත්සන් තැබීම “ලක්සල” ආයතනය හා “බූම් ලංකා බතික් ඇන්ඩ් ගිෆ්ට්ස් එල්.එල්.සී (සිලෝන් ගැලරි)” වරලත් නියෝජිත ආයතනය අතර සිදුකෙරිණි. 27 August 2021
කොවිඩ් මර්දනයට චීනයේ සහාය දිගටම කොවිඩ් පාලනය සඳහා චීනයේ සහාය දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (27) දැනුම් දුන්නේය. 27 August 2021
ලොව විශාලතම මැණික ස්විට්සර්ලන්තයට රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික (ආරුනූල් සමූහය) ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. 27 August 2021
කොවිඩ් තුන්වෙනි රැල්ලේ දී ගැබිනි මවුවරු 30ක් මරුමුවට ගැබිනි මවුවරුන් 30 දෙනකු කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භ වීමෙන් පසු මේදක්වා කොවිඩ් වැළඳී මරුමුවට පත්ව ඇතැයි සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 27 August 2021
වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9000ක් මන්නාරමෙන් අල්ලයි නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9000 කට අධික තොගයක් සහ සැකකරුවෙක් මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ ශ්‍රී ලංකාව නාවික හමුදාව සහ මන්නාරම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 27 August 2021
සිරුරු දෙකක් මාරු වී මුලතිව් රෝහලේ කලබැගෑනියක් කොරෝනා නොවන රෝගයකින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුර වෙනුවනට කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියගිය පුද්ගලයකුගේ සිරුරක් ලබාදී සිය සැමියාගේ දේහය අත්තනෝමතික ලෙස මුලතිව් රෝහල් සේවකයන් ආදහනය කිරීම සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ බිරිඳ මුලතිව් පොලිසිය වෙත හා මුලතිව් දිසා රෝහල වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. 27 August 2021
නැවෙන් ගෙනා භාණ්ඩ අස්සේ මත් කුඩු සහ දුම්වැටි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු නැව්ත කළ භාණ්ඩ අතර සඟවා රුපියල් ලක්ෂ 25 ක කොකේන් මත්කුඩු සහ දුම්වැටි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 27 August 2021
’’රට දිගු කලක් වසා දැමීම ප්‍රායෝගික නෑ’’ රට දීර්ඝකාලීනව වසාදැමීම ප්‍රායෝගික නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 27 August 2021
ජිහාද් ත්රස්තයන්ට කිසිම සමාවක් නෑ කාබුල් ගුවන්තොටුපොළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ, සිවිල් වැසියන් ඉවත් කිරීමේ කටයුතු නොකඩවා ඉදිරියට සිදු කරන බවය. 27 August 2021
කාබුල් ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට තලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු වීමට පොරකද්දී, ගුවන්තොටුපොළ අයත් පරිශ්‍රයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය. එයින් 90 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු අතර තුවාල ලැබූ ගණන 180 ට වැඩිය. 27 August 2021
කොතලාවල පනතට උද්ඝෝෂණ කළ සිසු නායකයන් තිදෙනකුට කොරෝනා කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප කෝවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 27 August 2021
ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණ නැතිව හෘදයා බාධ කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාදවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි. 27 August 2021
ඉදිරි දිනවලත් වැස්ස දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරයටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 August 2021
දිනක් තුළ සිදු වූ වැඩිම මරණ අද වාර්තා වෙයි කොවිඩ් ආසාධිත වූ තවත් 209 දෙනකු ඊයේ (25) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26)තහවුරු කළේය. 26 August 2021
කාබුල් ප්‍රහාරයෙන් 13ක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 13 දෙනකු මියගොස් ඇතැයි තලේබාන් සංවිධානයේ නිලධාරියෙක් අද (26) පස්වරුවේ පැවැසීය. 26 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026