
ඉන්ධන මිල සහ විදුලි මිල වැඩි කිරීම සලකා බලන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.
මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ඉල්ලීම කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මාර්තු 3 වැනිදා රැස් වූ අතර එහි තීන්දු තීරණ සහ වත්මන් ආර්ථික අභියෝග ජයගැනීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.
වත්මන් ආර්ථික අර්බුදවලින් ගොඩ ඒම ට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීම සඳහා ආණ්ඩුව ඒකාබද්ධ ක්‍රියාමාර්ග කඩිනමින් කළ යුතු බවත් ඒ අනුව රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක ලෙස පහත කරුණු සලකා බලන්නැයි මහ බැංකුව ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
මේ අනුව අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන සීමා කිරීම, ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම, විදෙස් ප්‍රේෂණ සහ ආයෝජන තවදුරටත් දිරිගැන්වීම, පුනර්ජනනීය බලශක්තිය කරා කඩිනමින් යොමු වීම, බලශක්ති සංරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීම, තිරසර පදනමක් මත සුදුසු බදු වැඩි කිරීම සහ රජයේ ආදායම් ඉහළ නැංවීම, කඩිනමින් විදේශ මූල්‍ය සහාය සහ ණය නොවන විදේශ විනිමය ලබාගැනීම, උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගී වත්මක් කඩිනමින් අලෙවි කිරීම සහ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම එම ප්‍රධාන යෝජනා අතර වෙයි.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ඇමතිවරයාට වැඩ පටන් ගන්න පුළුවන‍්...
කබ්රාල් කියනවා වගේ අඩුගානේ පිරිවැයටවත් මිල කරන්න. කාර් තිබෙන මිනිස්සුන්ට අඩු ගාණට ඉන්ධන දෙන්න කරත්තවල යන මිනිහා බදු ගෙවන්න වුවමනා නැත. ඉන්ධනවලට රජය සහනාධාර දෙන්නේ ඇයි? මොන රටේද එහෙම කරන්නේ?