(ළහිරු හර්ෂණ )
අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දී ඇත.
සී බී රත්නායක මහතා වනජීවී හා වන සම්පත් රක්ෂණ අමාත්‍යවරයා ලෙස ද දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේක තමයි රටේ දැවෙන ප්‍රශ්නේ...
ඒකාධිපති ලේකම් කාර්යාල හරියටම හරි...!
අපේ ජනාධිපතිතුමා අරුන්දිකට නම් ආයේ ඇමැතිකමක් දෙන්නේ නෑ..
නිතරම කැබිනට් සංශෝධන කරන්නේ තමන්ගේ මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ විශ්වාසය ජනාධිපතිතුමාට නැති නිසාද?
රට හෙටම ගොඩ. තව හොර නඩයක් වැඩට බැහැලා....