(අංජුල මහික වීරරත්න)

ලංකාවෙි පහළ සහ මැද කොටසේ වගා කරන තේ රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකටම අපනයනය කරන හෙයින් එහි යුද්ධය ලංකාවෙි  තේ කර්මාන්තයට බලපෑමක් ඇති කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක  සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අැමෙරිකාව හෝ එක්සත් රාජධානිය රුසියාවට එරෙහිව සම්බාධක පැනවුවද ලංකාව  රුසියාව හෝ වෙනත් රටවල් සමඟ වෙළෙඳාම නතර නොකළ යුතු බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම නිසා  ඉදිරි වසර දහය ඇතුලත ආසියාව ලොව බලවතා බවට පත් වන ලකුණු ඇතැයි ද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.