
සංචාරය සඳහා දිවයිනට පැමිණ සිටින යුක්රේන ජාතිකයින් පිරිසක් ශ්‍රී ලාංකික ප්‍රජාවට කෘතඥතාවය පල කිරීම සඳහා සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (2) පෙරවරුවේ කොළඹ සර් බාරොන් ජයතිලක මාවතේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ අතර එහිදී ඔවුන් ඉටි පහන් දල්වා නිහඬ විරෝධතාවයේ නිතර වූහ.
සිය රටට එරෙහිව රුසියාව ආරම්භ කර ඇති යුද්ධය නවතා දමන ලෙසත්, ශ්‍රී ලංකා රජය මගින් සිය සංචාරක වීසා මාස දෙකකින් දීර්ඝ කිරීමට සහ ශ්‍රී ලාංකිකයින් ඔවුනට ඉතාමත් මිත්රශීලීව ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බලමින් ආගන්තුක සත්කාර උපරිම අයුරින් ඉටුකිරීම පිළිබඳවත් ඔවුහු මෙහෙදී සඳහන් කළහ.
( ඡායාරූප ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේවත් බාර නොගන්න කුණු ගොඩවල්...
යුක්රේනය කියන්නෙ කෝටිපති රටක්, ලංකාවට සත පහකින්වත් උදව් කරලා නෑ. සරණාගත වුණාමයි. කොරෝනා හැදුණාමයි තමයි ලංකාව මතක් වෙන්නේ...!
මිග්යානා ගනුදෙනු කරපු කෙනා යුක්රේන්වලින් සංචාරකයින් ගෙනාපු නිසා වෙන්න ඇති...!
මේකෙ ප්‍රතිචාර වලින් බනින අය ඉන්නවා නේද? ඒ අය තමයි ඔලුව පාත්කළාම කරට නගින්න එන්නේ...!