(ඉන්දිකා  රාමනායක)

ගුවන් හමුදාවේ   71 වැනි    සංවත්තර සැමරුම  ගුවන් හමුදාපති   එයාර් මාෂල්  සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානාත්වයෙන්  කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අද   (02) අභිමානවත් අයුරින්  පැවැත්විණි.

71 වන සංවත්සරය නිමිත්තෙන්   ඉකුත් (01) දින කැලණි රජමහා විහාරස්ථානයේ දී පිච්චිමල් පූජාවක් පැවැත් වු අතර, 71 වැනි සංවත්සරයට සමගාමීව අද  (02)  සියලුම ගුවන් හමුදා  කඳවුරු සංවත්සර සැමැරුම් හා රුක් රෝපණ වැඩසටහන් ,ප්‍රජා සත්කාර ව්‍යාප්‍රෘති රැසක්  ක්‍රියාත්මක කළ බව ගුවන් හමුදාව පවසයි.

ප්‍රධාන සැමරුම්   උත්සවයෙන් අනතුරුව    කටුනායක ගුවන් හමුදා කඳවුරුතුළ  ගුවන් හමුදාපතිවරයා අතින්  රුක් රෝපණයක් ද  සිදු කළේය.
සංවත්සරය වෙනුවෙන්  ඉදිරියේ ගුවන් හමුදා සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රජා සත්කාර රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවත් , ප්‍රධාන වශයෙන්  මාර්තු මස (05) වැනි දින කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ   ආවරණය වන පරිදි ශ්‍රමදාන ව්‍යාපාර පවත්වන අතර,  19-20 යන  දෙදින  තුළ  ශ්‍රිපාද විහාරස්ථානයේ  වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් පරිසරයට මුදා හැර ඇති කසල  ඉවත් කොට ශ්‍රිපාදස්ථාන පිවිසුම් මාර්ග  හා අවට    පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද  ගුවන් හමුදාව පවසයි.

මර්තු මස 10 දින  ගුවන් හමුදා ධජ හා සියලු ගුවන් හමුදා කදවුරු ධජ ආශිර්වාද ගැන්වීම   අනුරාධපුර   ජයශ්‍රි මහා   බෝධීන් වහන්සේ අභියසදී   සිදු කිරීමට නියමිතව ඇත.