අධිරාජිනිය නික්ම යයි අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය දින 11 ක ශෝක කාලය අවසන් කරමින් ඉතා ගාම්භීර අන්දමින් ආරම්භ විය. 19 September 2022
රෝද තුන ලියාපදිංචිය දශමයට බහී මෙම වසරේ පළමු මාස අට තුළ අලුතින් ත්‍රිරෝද රථ ලියාපදිංචි වී ඇත්තේ 19 ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි. 19 September 2022
විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩි කරයි විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (20 සහ 21) දෙදින පැයයි විනාඩි 20 ක් විදුලි කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 September 2022
නව සේද මාවත ව්‍යාපෘතිය ගැන සම්මන්ත්‍රණයක් නව සේද මාවත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආසියා ප්‍රගති සංසදය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (19) පැවැත්විණි. 19 September 2022
යුක්රේන හමුදා බේරාගත් සිසුන්ගේ විස්තර එළියට ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු යුක්රේනයේ කාර් කිව් පළාතේදී බේරාගැනීම සම්බන්ධයෙන් රුසියා සහ යුක්රේන මාධ්‍ය අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇත. 19 September 2022
ජාතික සභාව යෝජනාව හෙට විවාදයට ආර්ථික ප්‍රශ්න ප්‍රධාන රටේ විවිධ ප්‍රශ්න විසඳීමේ අරමුණින් යුතුව පිහිටුවීමට යෝජිත ජාතික සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (20) විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතය. 19 September 2022
මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක් අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇතැයි කියන ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත. 19 September 2022
ගාල්ල වරාය බාරගන්න සමාගම් තුනක් ඉදිරිපත් වෙයි ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය ලබා දෙන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 19 September 2022
නෙළුම් කුලුනෙන් දින හතරකදී කෝටියක ආදායමක් කොළඹ නෙළුම් කලුන නැරඹීමට ජනතාවට ප්‍රවේශපත් අළෙවියෙන් ඊයේ (18) රාත්‍රී වන විට රුපියල් කෝටියකට ආසන්න මුදලක් උපයා ඇතැයි නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි. 19 September 2022
චීනය පරදවා ඉන්දියාව පෙරට චීනය අභිබවමින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියා බවට පත් වීමට ඉන්දියාව මෙම වසරේදී සමත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 19 September 2022
ආයෝජන මණ්ඩලය - නයිටා නිපුනතා සංවර්ධන මෙහෙයුමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල ආයෝජකයන් දීර්ඝ කාලයක් සිට මුහුණපා ඇති ගැටළුවක් වන නිපුනතාවයෙන් යුතු මානව ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස ආයෝජන මණ්ඩලය සහ ‘නයිටා’ ආයතනය එක්ව මානව සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළේය. 19 September 2022
මැතිසබය බලන්න එන අයට වේත්‍රධාරිවරයාගෙන් පණිවුඩයක් පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට පාසල් සිසුන් යොමු කරන්නේ නම් තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකි බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පාසල් බලධාරීන්ට දැනුම් දෙති. 19 September 2022
අයි.ඕ.සී. නව පිරවුම්හල් 96 ක් ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව එම සමාගමේ උසස් නිලධාරියකු පැවසීය. 19 September 2022
විදුලි බිලට එරෙහිව පෙත්සමකට අත්සන් ගනියි පන්සල්, පල්ලි ,කෝවිල් අඳුරේ, ජනතාව මත බර පටවන, විදුලි බිල,ජල බිල හා ඉන්ධන මිල පහත දමන ලෙස බලකරමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් ගැනීම කොළඹ කොටුව බෝගහ අසල දී අද පැවැත්විණි. 19 September 2022
රැජිනගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය, දින 11 ක ශෝක කාලය අවසන් කරමින් අද (19) පැවැත්වීමට නියමිතය. වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11 ට අවසන් විය. 19 September 2022
’’Thank god’’ හරහා මැණිකේ යළි ඉන්දියාව හොල්ලයි යොහානි ද සිල්වා ගයන ’’Thank god’’ හින්දි චිත්‍රපටයේ මැණිකේ ගීතය මේ වනවිට නැරඹුම් වාර මිලියන 27 ක් පසු කර තිබේ.ලබන ඔක්තෝම්බර් මස 25 වැනිදා ’’Thank god’’ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වන අතර එහි ඇතුළත් මැණිකේ ගීතය ඉකුත් 16 වැනිදා අන්තර් ජාලයට මුදා හැරියේ ය. 19 September 2022
’’ඇමතිකම් ගත්තේ ඒවට කෑදර පිරිසක්’’ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට විපක්ෂයේ එකඟත්වයක් තිබුණද ආණ්ඩු පක්ෂයේ එකගත්වයක් තවමත් පෙනෙන්නට නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 19 September 2022
පියා මරා පුතාට බරපතල තුවාල කළ දෙකක් සැකපිට කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පිය පුතු දෙදෙනකු තියුණු ආයුධවලින් කපා කොටා පියා ඝාතනය කර පුතුට බරපතළ තුවාල සිදු කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 19 September 2022
පෙරාදෙණිය සිසුන්ට පහරදුන් සිසුන් තිදෙනකුගේ පන්ති තහනම් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රාස්ත්ර පීඨයේ සිසුන් තිදෙනකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගත්තේය. 19 September 2022
තැන් තැන්වලට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 September 2022
පේරාදෙණි සරසවියේ සිසුවෙක් අතුරුදහන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි මව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත. 19 September 2022
ශ්‍රී ලංකාව ණය දුන් රටවල් සමග 23 සාකච්ඡා කරන්න යයි ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම බාහිර ණය හිමියන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාව පිළිබඳ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව එළඹෙන 23 දා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා රජය දැනුවත් කරනු ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කළේය. 19 September 2022
පියා රැක ගන්න ලක්ෂ දෙකක පගාවක් ඉල්ලූ දියණිවරු හත් කට්ටුව තමන්ට රැක බලා ගැනීමට අවශය නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලන බව පවසමින් පිහිටක් පතා 82 හැවිරිදි පියකු පාදුක්ක පොලිසියට පැමිණියේය. 18 September 2022
මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කරයි කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වූ දුම්රිය ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (18) පස්වරුවේ පැවසීය. 18 September 2022
හදිසි ඡන්දයක් ගන්න හැටි ටිල්වින් කියයි මැතිවරණයක් එනතුරු වසර තුනක් ජනතාවට බලා ඉන්න බෑ. ඒ නිසා සාමකාමී ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂණයකින් මැතිවරණයක් ලබගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද වාද්දුවේදී පැවසීය. 18 September 2022
වී අලෙවි මණ්ඩලයේ අවුල් ජාලයක්? වී අලෙවි මණ්ඩලය සඳහා නව සභාපතිවරයකු පත්කර තිබුණ ද හිටපු සභාපතිවරයා තවමත් සේවයෙන් ඉවත් වීමට සුදානමක් නොමැති නිසා නව සභාපතිවරයාට සේවයට වාර්තා කිරිමට නොහැකි වි ඇතැයි ද වී මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. 18 September 2022
ජනාධිපති මහ රැජිනට අවසන් ගෞරව දක්වයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී ඇයට අවසන් ගෞරව දැක්වීය. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය. 18 September 2022
රාජ්‍ය ආයතන ගැන විගණකාධිපති වාර්තාවක් එළියට රාජ්‍ය ආයතන 73ක් භාවිතා කරන ගොඩනැගිලි සියයට 97ක්ම නිසි සැලසුමකට අනුව සකසා නැති විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 18 September 2022
රන්මාල කැඩු කොස්තාපල් මාට්ටු යතුරුපැදියෙන් ගොස් මහමග ගමන් ගත් කාන්තාවන්ගේ රන් මාල කඩා ගෙන පලායාමේ නිරතව සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි රත්නපුර පානමුර පොලිසිය කියයි. 18 September 2022
අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් අංශය කඩා වැටෙයි රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනූවක්ම සිමෙන්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි එම ක්ෂේත්රයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 18 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026