හදිසි ඡන්දයක් ගන්න හැටි ටිල්වින් කියයි මැතිවරණයක් එනතුරු වසර තුනක් ජනතාවට බලා ඉන්න බෑ. ඒ නිසා සාමකාමී ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂණයකින් මැතිවරණයක් ලබගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද වාද්දුවේදී පැවසීය. 18 September 2022
වී අලෙවි මණ්ඩලයේ අවුල් ජාලයක්? වී අලෙවි මණ්ඩලය සඳහා නව සභාපතිවරයකු පත්කර තිබුණ ද හිටපු සභාපතිවරයා තවමත් සේවයෙන් ඉවත් වීමට සුදානමක් නොමැති නිසා නව සභාපතිවරයාට සේවයට වාර්තා කිරිමට නොහැකි වි ඇතැයි ද වී මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. 18 September 2022
ජනාධිපති මහ රැජිනට අවසන් ගෞරව දක්වයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී ඇයට අවසන් ගෞරව දැක්වීය. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය. 18 September 2022
රාජ්‍ය ආයතන ගැන විගණකාධිපති වාර්තාවක් එළියට රාජ්‍ය ආයතන 73ක් භාවිතා කරන ගොඩනැගිලි සියයට 97ක්ම නිසි සැලසුමකට අනුව සකසා නැති විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 18 September 2022
රන්මාල කැඩු කොස්තාපල් මාට්ටු යතුරුපැදියෙන් ගොස් මහමග ගමන් ගත් කාන්තාවන්ගේ රන් මාල කඩා ගෙන පලායාමේ නිරතව සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි රත්නපුර පානමුර පොලිසිය කියයි. 18 September 2022
අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් අංශය කඩා වැටෙයි රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනූවක්ම සිමෙන්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි එම ක්ෂේත්රයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 18 September 2022
රටට ගැලපෙන ගමනක් ගැන පාඨලී කියයි සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 September 2022
ලන්ඩන් විහාරාධිපති හිමියෝ චාල්ර්ස් රජුට ආශිර්වාද කරති බ්‍රිතාන්‍ය සිටින විවිධ ආගම්වල, ආගමික නායකයන් පිළිගැනීමේ උත්සවයක් බැකිංහෑම් මාලිගයේදී ඉකුත් දා පැවැත්විණි. 18 September 2022
නැදගමුවේ මහානාම හිමිගේ ඝාතකයන් අසු වූ හැටි සීදුව, රද්දොළුව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ නැදගමුවේ මහානාම හිමියන්ගේ ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට පත්ව සිටින පොඩි හාමුදුරුවන් අත්අඩංගුවට පත්වන විට සියලුම පරීක්ෂාවන් අවසන් කර ගුවන්යානයට ගොඩවීමට කැඳවීම් ලැබෙන තෙක් රැදී සිටි බවත් අදාල ආගමන විගමන නිලධාරිනියට සැකසිතී පරීක්ෂා නොකළේ නම් රටින් පැන යෑමේ ඉඩ තිබූ බවත් එම නිලධාරියා කීය. 18 September 2022
ජනපති ලන්ඩන් නුවරට ලඟා වෙයි බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරට ළගා විය. 18 September 2022
ආරවුලකට පැමිණිලි කරන්න ඇවිත් පොලිසිය ඇතුළේදීත් ගුටි ඇනගෙන දෙපිරිසක් අතර ඇති වූ ආරාවුලකදි පහර කෑමකට ලක් වූ බව කියන පුද්ගලයෙකු පොලීසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිටියදී එම ස්ථානයට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි අනෙක් පාර්ශවයේ පුද්ගලයෙකුට පැමිණිලිකරුගේ පුත්‍රයෙකු විසින් පොලීසිය තුලදීම පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 18 September 2022
ප්‍රබල භූමිකම්පාවක්: සුනාමි අනතුරු තායිවාන දූපතට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් හටගෙන තිබේ. භූමි කම්පාවේ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින් සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කෙරුණි. 18 September 2022
‘‘ඉන්ධන ගන්න ණයක් ගන්න රුසියාව සමග සාකච්ඡා කරනවා‘‘ රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ සාකච්ඡා දිගටම පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 18 September 2022
කැලණියේ වෙඩි තැබීමට හතරක් සැකපිට කැලණිය පට්ටිය හංදියේදී ’’ආජි’’නැමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් පිස්තෝල ගිනි අවිය සමග සමඟ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 18 September 2022
චීටා ආයෙත් ඉන්දියාවට වසර 70 කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ. 18 September 2022
හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා - පුටින් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට පවසා ඇත. 18 September 2022
අදත් වැසි රහිත දිනයක් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී. සුළගේ වේගය පැයට කිලෝමිටර් 20 -30 පමණ වන අතර පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට, පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 -50 විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 September 2022
නාවලපිටිය නගරාධිපතිගේ පිස්තෝලය පැහැගත් ත්‍රිවිල් රියැදුරා මාට්ටු නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ට මෙන්ම රියදුරුට තලංගම කොස්වත්ත හන්දිය අසලදී පහර දී පිස්තෝලය පැහැරගත් බව කියන ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 18 September 2022
ත්‍රස්තපනතට එරෙහිව පා ගමනක් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් කිරීම ත්‍රිකුණාමලය සිවන්කෝවිල් භූමියේදි අද සිදුවිණි 17 September 2022
කෝට්ටේ දළදා පෙරහර වීදි සංචාරය කරයි කෝට්ටේ ශ්‍රී රාජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහර 122 වරටත් අද විදි සංචාරය කළේය. ඇතුල් කෝට්ටේ පැරකුම්බා පිරිවෙනෙන් ආරම්භ වූ පෙරහර කෝට්ටේ රාජ මහා විහාරය දක්වා ගමන් කළේය 17 September 2022
රත්මලානේ ඉන්ධන හලක් කොල්ල කයි රත්මලාන බෙලෙක් කඩේ හන්දියෙ ඉන්ධන පිරවුම්හලකට ගිනි අවියක් සහ උල් පිහියක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු සේවකයන්ට පහර රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 17 September 2022
මඟුල් ගෙදර යකා නැටූ 10ක් රිමාන්ඩ් පානදුර කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවතී විවාහ මංගල උත්සවයක් අතරතුර එහි දේපලවලට හානිකර පුද්ගලයන් හයදෙනකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිරණ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පුද්ගලයන් දස දෙනකු ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය අද (17) පස්වරුවේ නියෝග කලාය. 17 September 2022
දිලුම් අමුණුගම වැඩබලන ආයෝජන ඇමති දිලුම් අමුණුගම මහතා වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී 17 September 2022
ක්‍රීඩකයන් ලබන ජයෙන් දේශපාලකයන් ළකුණු දමා ගත යුතු නෑ ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ආසියා කුසලානය දක්වා ඉදිරියට යාමට අතීත පරාජයන් ශක්තියක් කරගත් බවත් රටක් ලෙස එලෙස සිතනවා නම් ලංකාව ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 September 2022
රැජිනට සමු දෙන්න ඩේවිඩ් බෙකම් පැය 13 ක් පෝලිමේ එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය. ඒ පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳී සිටීමෙන් පසුවය. 17 September 2022
අඟහරු මතුපිට ජීවය තිබුණු බවට සාක්ෂි හමුවෙලා අඟහරු ගවේෂණය කරන නාසා ආයතනයේ ’පර්සිවියරන්ස්’ රොබෝ යානයට අඟහරු මතුපිට ජීවටය පැවැති බවට සාක්ෂි හමුවී ඇත. ඒ, වසර දහස් ගණනක් තිස්සේ සිඳී ගිය ඩෙල්ටාවක පස් පරීක්ෂා කරද්දී ක්ෂුද්රජීවීන් සිටි බවට තොරතුරු හමුවීමත් සමඟය. 17 September 2022
රැජිනට ගෞරව දක්වන්න චීන නියෝජිතයනට අවසර නෑ දෙවැනි එලිසබත් රැජිනට අවසන් ගෞරව දැක්වීමට, ලන්ඩනයට ගිය චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායමට තහංචි පැනැවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය විය. 17 September 2022
ගෘහස්ථ හිංසනයට ගීතාගෙන් ලොකු වැටක් ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. 17 September 2022
ඇමතිකම් ගත් එස්.එල්.එෆ්.පී මන්ත්‍රීන් තනතුරු ඉවතට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 September 2022
හිටපු ’’මැකෝ ’’ කට අරී තරුණ පරපුරට අද දවසේ ප්‍රමාණවත් අවස්ථාවක් සැලසී නැත්තේ බොහෝ පක්ෂ අභ්‍යන්තරයේ පැහැදිලි ප්රජාතන්ත්රවාදී ගති ලක්ෂණ නොමැති වීම හේතුවෙන් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 17 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026