අ’පුර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් විකිණු අය මාට්ටු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර, කාලයක සිට සොරකම් කර ඒවා අඩු මුදලට විකුණා , එම මුදලින් සූදු ක්‍රීඩාවේ නිරත වූ එම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර භාරව කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 26 July 2023
ජපුර උපකුලපති පත් කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. 26 July 2023
මීගොඩ පොලිස් ස්ථානාධිපති අනතුරක තිනියාවල පොලිස් වසමේ 13 කණුව අසලදි අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 26 July 2023
කාන්තාවකට අතවර කළ සැරයන් අත්අඩංගුවට රඹුක්කන පරපේ ඉහලගම ප්‍රදේශයේ පිහිටි නිවසකට රාත්‍රී කාලේ ඇතුළු වී එම නිවසේ සිටි 60 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියමින් නිවසේ අය විසින් බැඳ දමා සිටි පොලිස් සැරයන්වරයෙකු මුදාගෙන පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි. 26 July 2023
බස්නාහිරට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 July 2023
වතු නිවාස 10 ගින්නෙන් අළු වේ තලවකැලේ, ලිඳුල, රහන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (25) රාත්‍රීයේ හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 10 ක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 26 July 2023
කුරුණෑගල පොලිසියේ හිත උණු වේ අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු සහ ඔහු බැලීමට පොලිසියට පැමිණි බිරිඳ ,කුඩා දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ දසදෙනකුගේ කුසගින්න නිවා දැමීමට කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ කුරුණෑගල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් කටයුතු කළේව 26 July 2023
රිදී ජුබිලිය සැමරූ ’’පත්තර මල්ලී’’ දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යයට ගෙන ඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේගේ ’’පත්තර මල්ලී’’ වැඩසටහනට වසර 25ක් සැපිරිම නිමිතෙන් පැවැති විශේෂ සමරු වැඩසටහන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (25) සවස පැවැත්විණි. 25 July 2023
සෙවනගල ප්‍රා.ලේ ඇතුළු හත් දෙනා නිදොස් කොට නිදහස් සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ආරම්භ කළ ජල ව්‍යාපෘති නිසි පරිදි ඉටු නොකිරීමෙන් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටි සෙවනගල හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හත්දෙනකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය. 25 July 2023
දැරිය සොයන්න පොලිසිය මහජන සහය පතයි මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පදිංචි ගයාත්‍රි දෙව්ශානි සුරියසිංහ (17) දැරිය ඉකුත් 17 දින සිට අතුරුදන්ව ඇති බවත්, ඇය සොයා ගැනීමට පොලිස් මුලස්ථානය මහජන සහය පතයි. 25 July 2023
හිටපු ජනාධිපති වැඩි වරප්‍රසාද කැපෙයි හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ. 25 July 2023
ගම්පහ ප්‍රදේශ කීපයක හෙට පැය 10ක් ජලය නෑ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (26) දිනයේ පැය 10 කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවයි. 25 July 2023
විදුලියෙන් දුවන බස් රථ සේවයක් එයි කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන ’’ඊ බස්රථ’’ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 25 July 2023
චීන විදේශ ඇමති ඉවත් කරලා පසුගිය ජූනි 25 වැනිදා සිට අතුරදන්ව සිටි චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග් මහතා ඉවත් කර නැවතත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා එම අමාත්‍ය ධුරය සඳහා පත් කිරීමට චීන රජය කටයුතු කර ඇත. 25 July 2023
උතුරට නව අධි සුඛෝපභෝගී දුම්රියක් ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සති අන්ත සංචාරක දුම්රියක් ලබන අගෝස්තු මස 4 වෙනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පැවසීය. 25 July 2023
ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය පහළටම වැටෙයි මෙම වසරේ පළමු මාස 6 තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ ශ්‍රී ලංකා රුපියල මසක් තුළදී ආසියාවේ දුර්වලම ක්රියාකාරීත්වයක් ඇති මුදල් ඒකකය බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. 25 July 2023
ලාංකිකයෝ 21 ක් ඊශ්‍රායලයට ඊශ්‍රායලයේ නිවාස වල සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. 25 July 2023
කෝටි හතක මත් කුඩු සීදුවෙන් අල්ලයි තැපැල් පාර්සල් ලෙස සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ රුපියල් කෝටි 07 ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අද (25) සවස අත්අඩංගුවට ගනු ලැබීය. 25 July 2023
බිත්තර උපරිම සිල්ලර මිල අවලංගු කරයි බිත්තර සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට තීරණය කළ බව වෙළඳා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 July 2023
මට්ටක්කුලිය - සීමාමාලකය බස් රථ වර්ජනයක් මට්ටක්කුලිය - සීමාමාලකය මාර්ග අංක145 බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. 25 July 2023
සාම රාජකාරියට යන STF සෙබළුන්ට යුද හමුදාවෙන් රථ එක්සත් ජාතීන්ගේ සාම සාදක රාජකාරි සදහා පිටත්වීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන්ගේ ප්‍රයෝජනය සදහා යුද හමුදාව නිෂ්පාදනය කළ විශේෂ රථ හයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතාට පිරිනමනු ලැබීය. 25 July 2023
ඇමරිකානු තානාපතිනිය ගුවන් හමුදාධිපති හමුවෙයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජුලි ජේ. චංග් මහත්මිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. 25 July 2023
හන්තානේ ඉඩම් කැබලි කිරීම නවතී හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20 ක් කොටස් කිරීමට ගෙන තිබූ තීරණය වහාම නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් නියෝග කොට තිබේ . 25 July 2023
පුහුණු අධිකාරියේ ’’ටැබ්’’ 950ක් නිලධාරීන්ම බෙදාගෙන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට දුරකතන සේවා සමාගමකින් 2018 සහ 2021 වසරවලදී ලබාදී තිබු ටැබ් පරිගණක යන්ත්‍ර 950 ක් සහ සිම්පත් කිසිදු අනුමැතියකින් තොරව එම අධිකාරියේ විවිධ තනතුරු දරන නිලධාරීන් බෙදා ගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 25 July 2023
නළු නිළියන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (25) පැවසීය. 25 July 2023
රත්තරන් තවත් ගණන් උස්සයි ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 25 July 2023
අගුරුවාතොට ඝාතන සැකකරු උකස් තැබූ රන් මාලය ගැන සොයන්න නියෝග අඟුරුවාතොට කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය ඝාතනයට කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින ප්‍රධාන සැකකාර හමුදා සෙබලා උකස් තබා ඇත්තේ එම කාන්තාව පැළඳ සිටි රන් මාලය දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගත් පාදුනර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 25 July 2023
වර්ජනය අවසන් වුවත් දුම්රිය හයක් අදත් අවලංගුයි දුම්රිය රියදුරු වර්ජනය අවසන් වුවද අද (25) උදෙත් කාර්යාලය දුම්රිය හයක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමෙන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 25 July 2023
ආනයනික බිත්තර අද සිට මහ ජනතාවටත් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 25 July 2023
ජනපති පක්ෂ සමුළුවට සජබෙත් එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පිළි ගනිමින් හෙට (26) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය එක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 25 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026