නවසීලන්තය කඩුලු 9 කින් එංගලන්තය පරාජය කරයි දහතුන්වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අහමදාබාද්හිදී අද (5) පැවති තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 9 කින් එංගලන්තය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ. 05 October 2023
දීනේෂ් ෂාෆ්ටර්ට කෝටි 144ක් වංචා කළාට බ්‍රයන් තෝමස්ට නඩු ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි 144කට ආසන්න මුදලක් ලබාගෙන ආපසු නොදී වංචා කළ බවට ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව චෝදනා 10ක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (05) නඩු 07ක් ගොනු කළේය. 05 October 2023
සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය ජෝන් ෆෝස්ට නොර්වේජියානු ලේඛකයෙකු වන ජෝන් ෆෝස් මෙවර 2023 වසරේ සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනා ගනු ලැබුවේය.ජෝන් ෆෝස් සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබූ හතරවෙනි නොර්වේජියානු ජාතිකයාද වේ. 05 October 2023
කඳපොළ වත්තකින් අත්බෝම්බ තුනක් සොයා ගෙන කඳපොල කෝටි ලෝජ්වත්තේ වගා බිමක වළ දමා තිබූවිදේශිය නිෂ්පාදිත අත්බෝම්බ තුනක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 05 October 2023
කාන්තාවක බියවද්දා ලක්ෂ 30 ක් කොල්ල කෑ ‘රෝසා‘ - ‘කිටි‘ මාට්ටු මොරටුව ප්‍රදේශයේ නිවසකට කඩා පැන තියුණු ආයුධ පෙන්වා කාන්තාවක බිය වද්දා ලක්ෂ 30ක මුදල් සහ රන් ආභරණ මෙන්ම විදේශ මුදල් කොල්ල කෑ බව කියන රෝසා සහ කිටි නමැති සැකකරුවන් දෙදෙනා අද (5) සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය පැවසීය. 05 October 2023
දොස්තර ගේ පුතා පැදවූ මෝටර් රථයට හැපුණු කොස්තාපල්ට බරපතළයි අධික වේගයෙන් ධාවනය වු සුඛෝපභෝගී මෝටර් රථයක් අද (5) පස්වරුවේ කොළඹ කුරුදුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරත සිටි පොලිස් කොස්තාපල්වරයකු ද යටකරගෙන යාම හේතුවෙන් එම කොස්තාපල්වරයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 05 October 2023
දියලපේ කන්ද නාය ගිය හැටි අකුරැස්ස දියලපේ, තැන්නපිටහේන කන්ද නායයෑමත් සමග ඊට පහළ පදිංචි පවුල් 21 ක සාමාජිකයින් 73 කු ඉන් ඉවත් කර තාවකාලිකව ඔවුන් අකුරැස්ස දියලපේ කනිටු විදුහලේ පදිංචි කිරීමට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කේ.ජී.ඩී.අනෝජා මහත්මිය කටයුතු කළේය . 05 October 2023
තරුණයෙකු පැහැරගෙන පහරදී මග දමාගිය සරසවි සිසුහු 4 ක් දැලේ කුරුඳුවත්ත තුරග තරග පිටිය අසල දී තරුණයකු පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගොස් පහර දී රන් මාලයක් ද කොල්ල කා කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දමා ගිය රාජගිරිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි 05 October 2023
දේශීය ඌරු මස් කෑවට නීපා බෝවෙන්නෙ නෑ ඌරු මස් අනුභවයෙන් “නීපා” වෛරසය මෙරට බෝවීමේ අවදානමක් නැතැයි පශු සම්පත් විශේෂඥයන් කෘෂිකර් ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ. 05 October 2023
පාරේ ඇතිවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගය අසලදී පුද්ගලයින් දෙදෙනකු අතර හටගත් ආරවුලකදී එක් අයකු හදිසියේ මාර්ගයට තල්ලුවීමත් සමග එම පුද්ගලයා පාරේ ගමන්ගත් කන්ටේනර් රථයකට යටවී එතැනම මියගොස් ඇති බව දොරටියාව පොලිසිය පවසයි. 05 October 2023
යටගිය දවස මතු කළාට කළගුණ සලකති මෙර පුරාවිද්‍යා කේෂත්රයට අමිල මෙහෙවරක් කල පඬිවරු දෙදෙනකු වූ මහාචාර්ය සෙනරත් පරණ විතාන සහ ආචාර්ය සිරාන් දැරනියගල යන මහත්වරුන් වෙනුවෙන් කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද සමරු දේශනයක් පැවැත්විණි. 05 October 2023
ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයෙක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ 05 October 2023
නැගෙනහිර ගුරුවරුන්ගෙන් කපාගත් වැටුප ගෙවන්න එකඟ වෙයි පසුගිය කොවිඩ් වසංගත සමයේදී නැගෙනහිර පළාතේ ගුරුවරුන්ගේ කපාගත් දිනක වැටුප නොවැම්බර් 30 වැනිදාට පෙර යළි ගෙවීමට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ විය. 05 October 2023
කෝටියේ වන්දිය නොදුන්නැයි වෙඩි තියලා කදාන පොල්පිති මුකලාන ව්‍යාපාරිකයකුට අයත් නිවෙසකට යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. 05 October 2023
නෙළුම් පොකුණ අසලින් මාර්ගය වහයි නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා දිවෙන සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත තාවකාලිකව වසා දැමුණු බව කුරුදුවත්ත පොලීසිය කියයි. 05 October 2023
යාළුවා බේරන්න ගිහින් කූඩුවේ ලගී අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මුදා හැරීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය තුළ දීම අඩංගුවට ගත් බව මහව මුලස්ථාන මුලස්ථාන පොලිසිය කියයි. 05 October 2023
ලක්මව රනින් සැරසූ තරුෂිට මැතිසබයෙනුත් මල් මිටක් ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දින ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් එක් කළ මහනුවර වලල මධ්‍ය මහ විදුහලේ තරුෂි දිල්සරා කරුණාරත්න සිසුවියට පාර්ලිමේන්තුවේ උණුසුම් සුබපැතුම් අද (5) පිරිනැමිණ. 05 October 2023
සාධාරණය ඉල්ලා නීතීඥයෝ පාරට ‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන නීතිඥයෝ පිරිසක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට අද (5) දහවල් විරෝධතාවක් දැක්වූහ. 05 October 2023
ජනපති තරුෂිට කතා කරයි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න සිසුවියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් පළ කළේය. 05 October 2023
සැක සහිත මළ සිරුරක් හංවැල්ලේ නිවසක නිර්වස්ත්‍රව ලේ පැල්ලම් කිහිපයක් සහිතව කාමරයක් තුල උඩුකුරුව වැටී සිටි කාන්තාවකගේ මළ සිරුරක් හංවැල්ල වැලිකන්න ඉහලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී අද (05) දින සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 05 October 2023
වාහන සමාගමකට ලොකු බදු තෑග්ගක් දුන් කෙනා අනුර හෙළි කරයි රටට සෑම ඩොලරයක්ම වටිනා මොහොතක විදුලිය වාහන දෙමුහුන් වාහන එකලස් කරන සමාගමකට සම්පූර්ණ බදු සහන දුන්නේ කාගේ වුවමනාවට දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) ප්‍රශ්න කළේය. 05 October 2023
මාතරට කඩිනම් සහන දෙන්න නියෝග අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 05 October 2023
’’ජනතාව දුකේ: ආණ්ඩුව ඔහේ බලාගෙන ඉන්නවා’’ වතුර බිල,විදුලි බිල, ගෑස් මිල වැඩිවී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියත් ආණ්ඩුව ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 October 2023
ලෝකයේ සත්ව විශේෂ සියයට 22ක් වඳවීමේ තර්ජනයට හඳුනාගෙන ඇති සත්ව විශේෂවලින් 8% ක් දැනට ලෝකයට අහිමි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 October 2023
’’කාලය ආවම ගනු දෙනුව ගන්නවා’’ දේශපාලන අත පෙවීම් මත පාර්ලිමේන්තුවේ යම් යම් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාව නැති කර ඇතැයිද ’’කාලය ආවම එයාලා එක්ක ගනුදෙනුව ගන්නවා’’ යැයිද සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය. 05 October 2023
නිවසට ගලක් පෙරැළි තිදරු පියා මරුට ගාල්ල ඉහළ ඩික්සන් පාරේ බෑවුමේ පිහිිටි ගලක් වැලිවත්තේ නිවසකට පෙරැළී යාමෙන් අද (05 ) එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 05 October 2023
රන් පදක්කමක් දිනූ තරුෂිට ක්‍රිකට් ආයතනෙන් කෝටියක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 05 October 2023
වයඹ පාසල්වලට වන අලි තර්ජන වයඹ පළාත තුළ වන අලින්ගේ තර්ජනයට ලක්ව තිබෙන පාසල් 240 ක් මේවනවිට හඳුනාගෙන ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය මගින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනයකින් පෙන්වාදී තිබේ . 05 October 2023
කොත්තු - රයිස් - ප්ලේන්ටි මිල ඉහළට ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 05 October 2023
අපරාධ කල්ලි සහායිකාවක් අල්ලයි ගනේමුල්ල සංජිවගේ ගෝලයෙකු බව කියන දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කලන නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන 27 වියැති තරුණිය (ඉමා) අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 05 October 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026