සෝමාවතියේ හිමිවරු 5ක් ඇතුළු 80 ක් ආරක්ෂිත ස්ථානවලට අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීවුවත් එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ ඇතුළු ආරක්ෂක අංශවල 75 දෙනෙක් ආරක්ෂාව සහිතව එහිම රැඳී සිටිති. 31 December 2023
රජයේ ඉඩම් අක්කර එකොළොස් දාහක් හොර ගොඩ ගිහින් රජයේ වැවිලි ඉඩම් 54ක අක්කර 11900ක් අවභාවිතවී ඇති බව විගණන වාර්තා අනාවරණය කර ඇතැයි වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 31 December 2023
ඖෂධ වංචාවට කෙහෙලිය රකින්න අත ඉස්සූ 113ත් වගකිව යුතුයි ඖෂධ වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙන්ම ඔහු රකින්න පාර්ලිමේන්තුවේ අත ඉස්සූ 113ත් වගකිව යුතු යැයි- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 31 December 2023
ඇති තරම් පොල් කන්න සැලසුමක් හදයි මෙරට දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි තෙවසර ඇතුලත ගෙඩි මිලියන 1000ක් දක්වා ඉහල නැංවීමට වැඩ පිලිවෙක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 31 December 2023
ප්ලේන්ටි - කිරි තේ මිලත් ඉහළට ප්ලේන්ටිය සහ කිරි තේ ඇතුළු කෙටි ආහාරවල මිල වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනයශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය. 31 December 2023
ඇළකින් බිලිදු සිරුරක් හමුවෙයි මකල්දෙණිය වයිමුඩුක්කුව හංදිය අසල දිය ඇලක රැදී තිබි බිළිදු මළසිරුරක් සොයාගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි . 31 December 2023
ගුවන් යානයක් පාළමක් යට සිරවෙයි එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් භාවිතයෙන් ඉවත් කළ ගුවන් යානයක් ට්‍රක් රථයක පටවාගෙන යද්දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෝතිහාරි නගරයේ පාලමක් යට සිරවූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය. 31 December 2023
ගසා තීරයේ දරුවන් ලක්ෂ 9ක් කුසගින්නේ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ දරුවන් ලක්ෂ 9 අධික සීතලෙන්, කුසගින්නෙන් සහ ප්‍රමාණවත් පානීය ජලය නොමැතිව පීඩා විඳින බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අශ්රෆ් අල් කුඩ්රා පසුගිය පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 31 December 2023
දුරකථන ගාස්තු ඉහළට වැට් බැද්ද ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට(1) සිට සියයට 42 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි. 31 December 2023
ගිණිකෙළි ආයතනයක පිපිරීමක් :පියා සහ දරුවන් දෙදෙනා රෝහලේ පිළියන්දල මාවිත්තර කනත්ත පාරේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගිණිකෙළි නිෂ්පාදන ආයතනයක අද(31) දා උදෑසන හටගත් ගින්නකින් එහි හිමිකරු හා ඔහුගේ දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. 31 December 2023
මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් උණට බිලි මාතර බන්ධනාගාරයේ පැතිර යමින් තිබූ උණ රෝගය වැළදීමෙන් මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙක් මරණයට පත්වූ බව එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය. 31 December 2023
රුපියල් කෝටි 140 ක මත්ද්‍රව්‍ය - දේපළ පොලිස් බාරයට ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී දින 11 තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වෙළෙදපොල වටිනාකම රුපියල් මිලියන 858 ක් හෙවත් කෝටි 85 කට අධික බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 558.5 ක් හෙවත් කෝටි 55 කට අධික දේපළ පොලිස් භාරයට ගත් බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය අද (31) පෙරවරුවේ පැවසීය 31 December 2023
වාහන තුනක් එකිනෙක ගැටී දෙකක් රෝහලේ පානදුර හොරණ මාර්ගයේ මහබෙල්ලන හන්දිය ආසන්නයේදී වාහන තුනක් එකිනෙක ගැටී පුද්ගලයන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි. 31 December 2023
වල්බූරු නිදහස බොරු සමාජගත කරනවා ලංකාවේ තිබෙන තරු පහේ ප්රජාතන්ත්රවාදය නිසා ඕනෑම බොරුවක් ජනගත කිරීමේ හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 31 December 2023
කොල්ලකෑමට පැමිණි සැරයන් ඇතුළු කල්ලියක් අත්අඩංගුවට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ට පහර දීී ඔවුන් සතුව තිබූ රන්මාලයක් සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටීස් පොලිස් සැරයෙන් වරයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 31 December 2023
උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කළ භාණ්ඩ සහ මගි ප්‍රවාහන දුම්රියක් පිලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන යලි යථා තත්ත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය. 31 December 2023
ඉන්දියාවේ ඉස්සූ ලූනු පාකිස්තානය බස්සයි ඉන්දියාවෙන් ලොකු ලුණු මෙරටට ආනයනය තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව අද වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකු ලූනු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති. 31 December 2023
කුඩු මුදලාලි පොලිසියට බෝම්බයක් ගහන්න හදලා විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය අලෙවි ජාවාරමක නිරතවූ යුද හමුදා විශේෂ බලකායේ හිටපු සාමාජිකයකු කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. 31 December 2023
අලුත් අවුරුද්දේ කොළඹට ගෙවල් දහ දාහක් 2024 වසරේ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 31 December 2023
හිතාමතා පොලිස් නිලධාරියා අනතුරකට ලක් කරලා මෝටර් රථයක බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී පොලිස් නිලධාරියාට බලපත්‍රයේ නොදී පොලිස් නිලධාරිය මාර්ගයේ ඇදගෙන ගොස් වෙනත් වාහනවලට ගැටීමට සලස්වා පලා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි. 31 December 2023
සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළට අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග ලංකාවේ විශාලතම ජලාශය වෙන සේනානායක සමුදුරේ ජල මට්ට්ම ඉහල ගොස් තිබේ. 31 December 2023
මව දරු තිදෙනා අභිරහස් ලෙස මියගිහින් මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ නිවසක මව පුතුන් දෙදෙනකු සහ දියණියගේ සිරුරු අද (31) අලුයම සොයාගත් බව පොලිසිය කියයි. 31 December 2023
විදුලි රැහනේ පැටලී අයෙක් මරුට සතුන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී රංගල, ගබ්බෙල ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇතැයි රංගල පොලිසිය පවසයි. 31 December 2023
අරාබියේ බන්ධනාගාරගතව සිටි ලාංකිකයින් 44කට නිදහස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි නිදහස් දිනය නිමිත්තෙන් එරට බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 කට සමාව ලබා දී ඇත.එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී තිබේ. 31 December 2023
පළාත් කීපයකට අදත් තදින් වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 December 2023
අත් විලංගුවක් සමග දෙදෙනෙක් මාට්ටු අත් විලංගුවක්,එයට යොදන යතුරක් සහ ගමන් කථන දෙකක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල විතාරන්දෙනිය ඇත්ගාල්මුල්ල ප්‍රදේශයේදී තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටිති. 31 December 2023
වැටලීමක දී පොලිසිය වෙඩි: පී.සී මරුට:එස් අයිට තුවාල ජඹුරේගොඩ ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක අද අලුයම වෙඩි ප්‍රහාරයක් ඒල්ල වීමෙන් දෙමටගොඩ පොලිස් විශේෂ අපරාධ විමරශණ කොට්ඨාසයේ සැරයන්වරයකු මියගොස් උප පොලිස් පරික්ෂකවරයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. 31 December 2023
පස්සර ගම් දෙකක පිරිස ඉවත් කරයි නාය යාමේ අවදානම් තත්ත්වයක් මතුවීම හේතුවෙන් ලුණුගල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි පවුල් හැට හතක පුද්ගලයන් දෙනකු අද 30 සවස සිය පදිංචි ස්ථානවලින් වාහාම ඉවත් කළ බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය. 30 December 2023
පොලොන්නරුවට මහ වැසි සෝමාවතියත් යටවේ අධික වර්ෂාවත හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථාන පුද බිම සහ ඊට පිවිසෙන මාර්ග ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 30 December 2023
බහලුම් නිෂ්කාශනයේ දැඩි තදබදයක් නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කරන ආනයනික බහලුම් සංඛ්‍යාව මේ දිනවල සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් රේගුව තුළ බහලුම් නිෂ්කාශනය සම්බන්ධයෙන් තදබදයක් නිර්මාණය වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 30 December 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026