පණ ගිය ලංගම බස් 157කට පණ දෙයි ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 25 July 2023
කොහු කර්මාන්ත ශාලාවක් අළු වෙයි පුත්තලම මදුරගම ප්‍රදේශයෙ කොහු කර්මාන්ත ශාලාවක හදිසියේ ගිහි ගැනීමකට ලක්ව ඇතැයි පොලීසිය කියයි. 25 July 2023
රෝහල්වල ඖෂධ සියයට සියයක් ආරක්ෂිත නෑ... රෝහල්වල පාවිච්චි කරන ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැති බව සෞඛ්‍ය හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 25 July 2023
දිනෙන් දින රුපියල බාල්දු වෙයි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව අද (25) දිනයේ ද ඉහළ ගියේය. 25 July 2023
ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 25 July 2023
දිළිඳුකම නැති කරන්න ලෝක බැංකුවේ සහාය ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදීමට එකඟතාවය පළකර ඇත. 25 July 2023
බීමත් පියා තුන් හැවිරිදි දරුවා උණුවතුරෙන් පුච්චලා තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයාය පියෙකු සිය තුන් හැවිරිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 25 July 2023
ක්‍රීඩාව ගොඩනගන්න ඔස්ට්‍රේලියාව සමග ගිවිසුමක් ක්‍රීඩාවේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 25 July 2023
ලෝක බැංකුවෙන් සහය ගන්න කැබිනට් අනුමැතිය සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ලෝක බැංකුව වෙතින් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 July 2023
රැල්ලට පැමිණි පක්ෂ රැල්ලටම ගහගෙන ගියා පසුගිය අරගලය සමග රැල්ලට ආ ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 25 July 2023
දුම්රිය ප්‍රතිව්‍යූහගත කරන්න කමිටුවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2023
විනිසුරු උපයන බද්ද: පෙත්සම් විභාගයට මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද(25) තීරණය කළේය. 25 July 2023
ඕ.අයි.සීට පාට් දැමූ ව්‍යාපාරිකයකු අල්ලන්න සොයයි රාජාංගනය ප්‍රදේශයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පරීක්ෂාකර බැලීමට ගිය රාජාංගනය පොලිස් ස්ථානාධිපති වරයාට එම සංගීත සංදර්ශනය සංවිධානය කළ බව කියන කෝටිපති ව්‍යාපාරිකයා මරණීය තර්ජනය කළේ යැයි කියමින් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර ඇත. 25 July 2023
වෘත්තීය සමිති සාමාජිකයින්ට කොළඹ පාරවල් තහනම් වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) නියෝගයක් නිකුත් කර තිබේ. 25 July 2023
දැරිය කැලෑවට ඇදගෙන ගිය කොප්‍රල්ට වැඩ වරදී ආණමඩුව , ප්‍රදේශයෙ කුඹුරේ කුරුල්ලන් එළවමින් සිටි 11 හැවිරිදි දැරියක් කැලැවට ඇදගෙන යාමේ සිද්දියක් සම්බන්ධව යුද හමුදා කොප්රල්වරයකු ආණමඩුව පොලිසිය අත් අඩංගුවට ගත් බව කියයි. 25 July 2023
සර්ව පාක්ෂික සමුළුවට ජවිපෙ නෑ උතුරේ ගැටලුව විසඳීම සඳහා ජනතා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුව ට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 25 July 2023
ඝාතන පලිය ගන්න කැබ්රියකට යට කරලා ඝාතනයක පලිගැනීමක් සඳහා, කැබ් රථයක්යතුරු පැදියේ හප්පා, බිම වැටුණු පැදිකරුවන් දෙදෙනාගේ සිරුර මතින් කැබ් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව මල්ලාවි පොලිසිය පවසයි. 25 July 2023
ඩයනාට එරෙහි පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලකට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව අද(25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය. 25 July 2023
කොන්ත්‍රාත්තුව අතේ පත්තු වේ පවුල් ආරවුලක් හේතුවෙන් රුපියල් එක් ලක්ෂ දස දහසක කොන්ත්‍රාත්තුවක් දී පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලිසිය පවසයි. 25 July 2023
කුරානයේ පිටපතකට ගිනි තබති ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ කුරානයේ පිටපතකට ගිනි තැබූහ. 25 July 2023
ලංකාව ඉතාලිය සමඟ ගිවිසුමකට එළඹෙයි මෙරට කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙි. 25 July 2023
කුරුණෑගලට වල් අලියෙක් ඇවිත් බඩගමුව රක්ෂිතයට යාබදව පිහිටි කෝවාන ගම්මානයට හදිසියේ කඩා වැදුණු වල් අලියකු පහරදී ගැමියකු මරාදමා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. 25 July 2023
විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කරයි ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකකට වැඩි කාලයක් මුහුණ දී සිටි දැඩි ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ විනිමය සම්බන්ධයෙන් නවා තිබූ සීමා රැසක් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැකුව පියවර ගෙන තිබේ. 25 July 2023
කුලියාපිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහරදීලා කුලියාපිටිය ප්‍රාදේශිය ලංකාදීප මාධ්‍යවේදී දිනේෂ් උපේන්ද්‍ර මහතාගේ කාර්යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවූ මැර පිරිසක් පහරදීම හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය කියයි. 25 July 2023
පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000 ක් පළාත් පාලන ආයතනවල සේවක පුරප්පාඩු 12,000 ක් පමණ පවතින බවත් එම ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් මේ වන විට සේවකයින් 10,000 ක් පමණ සේවය කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 25 July 2023
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 July 2023
නානවා වීඩියෝ කළ ඇමැති ආරක්ෂක මාට්ටු නිවසකට ඇතුළු වී නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්පාර මූලස්ථාන පොලීසිය පවසයි. 25 July 2023
නොනවත්වා ගිය යතුරු පැදියට පොලිසියෙන් වෙඩි තබයි අම්පාර - දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදියේ පිටුපස ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.. 24 July 2023
විවාහක මිහිතල රැජින කිරුල සශ්මිට පරිසරය කේන්ද්‍ර කරගනිමින් පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ලෝක විවාහක මිහිතල රැජින‘‘ Mrs Erath international - 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක මහත්මිය සමත් වූවාය. 24 July 2023
කදුළු ගෑස් බෝම්බයක් පිපිරී පොලිස් නිලධාරියෙක් රෝහලේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන තුළ ඊයේ (23) පස්වරුවේ ඇති වූ පිපිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය. 24 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026