හොර චෝදනා ඇති මන්ත්‍රීන් පන්නන්න නීති ඕනෑ
කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ හා වංචා සම්බන්ධව චෝදනා එල්ල වන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර පාර්ලිමේන්තුව මගින්ම අහෝසි කළ හැකි පරිදි නව නීති පාර්ලිමේන්තුව මගින්ම සකස් කළ යුතු යැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.