සතොසත් සීනි මිල උත්සයි ලංකා සතොස කිලෝවක් රුපියල් 275 කට අලෙවි කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 20 කින් වැඩි කරමින් සුදු සීනි කිලෝවක් රුපියල් 295 කට අලෙවි කරන බවට පාරිභෝගිකව චෝදනා කරති. 21 December 2023
කුඩු සමග ඇල්ලූ සජබ සංවිධායක පන්නයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතා එම සංවිධායක ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්විටුවීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පැවසීය. 21 December 2023
රනිල් තුන්කල් දකින නායකයෙක් ආර්ථිකය පිළිබඳ තුන්කල් දකින නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපීය රටක සිටියා නම් මුළු ජීවිත කාලය පුරාම රාජ්‍ය නායකයා ලෙස තබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 21 December 2023
යන්ත්‍රයක් අක්‍රිය වී ශල්‍ය වැඩ නතර වෙලා පොලොන්නරුව මහ රෝහලේ සහ මැදිරිගිරිය මූලික රෝහලේ ශල්‍ය කර්ම සිදු කළ නව ලැපරස්කෝප් යන්ත්‍ර අබලන්වීමෙන් ශල්‍යකර්ම කළ නොහැකි තත්වයක් උදාවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 21 December 2023
නොවැම්බරයේ උද්දනමය වැඩි වෙලා ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 1 ක් වූ උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 21 December 2023
වස්ගමුව මැද කලෑව වනසා කංසා වවලා වස්ගමුව වනෝද්‍යානය වනසමින් මහා පරිමාණ කංසා ජාවාරම්කරුවන් කංසා හේන් යායක් දින දෙකක මෙහෙයුමකින් පසු වස්ගමු වනෝද්‍යාන නිලධාරීහු විසින් සොයා ගනු ලැබූහ. 21 December 2023
ඉන්දීය කොවිඩ් මාරයා ලංකාවට රිංගලා? ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානීමහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 21 December 2023
හිටපු ජනපති නිවේදන නිකුත් කර විහිලු කරනවා ජනාධිපතිව රකිමින් අයවැයට, වැට් බදු වැඩි කිරිමට පක්ෂව ඡන්දය ලබා දී, ජනතාවගේ කරපිට බදු බර පටවන්න එපා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදන නිකුත් කරමින් පැවසීම විහිලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 21 December 2023
රන් මිල අදත් ඉහළට දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (21) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 21 December 2023
ක්‍රීඩා උපදේශක බිරිය මත් කුඩු සමග අත්අඩංගුවට දවුලගල දොඩම්වල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක් මත්පෙති 33ක් සහ මත් මුද්දර 28ක් සමග මහනුවර ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකවරයකුගේ බිරිය බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 21 December 2023
ප්‍රසුතියෙන් පසු මවත් බිලිදාත් මිය ගිහින් වතුපිටිවල මූලික රෝහලේදී කුළුදුල් දරුවා ප්‍රසූත කිරීමෙන් ටික වේලාවකට පසු මව මරණයට පත්ව ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි 21 December 2023
ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 700 ක් වෙයි ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක මිල අද (21) පෙරවරුව වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණි 21 December 2023
සිසුවියන් 3 කට හදි කළැයි පන්ති බාර ගුරා අල්ලයි නුවරඑළිය දිස්ත්‍රිකයේ වලපනේ අධ්‍යාපන කලාපයට අයත් මහා විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනකු පාසලේ විද්‍යාගාරය තුළදී අපයෝජනයට ලක්කළායැයි සැකපිට ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව කිර්තිබණ්ඩාරපුර පොලිසිය පවසයි. 21 December 2023
උඩරට දුම්රිය ධාවනය සීමා කරයි පිලි පැනිමට ලක් වු ටිකිරි මැණිකේ දුම්රිය පිලි ගත කරනතෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්තානය දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියන් කොටගල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය. 21 December 2023
අයවැය ගමට වෙන් කළ මුදල් ජනවාරියේ මුදා හරිනවා විමධ්‍යගත අයවැය ලෙස මෙවර අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 11,250ක් ජනවාරි මස පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 December 2023
ලක්ෂ 50ක හෙරොයින් සමඟ දෙකක් අත්අඩංගුවට ඩුබායි රාජයේ සිට සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා සුඛෝභෝගී ටොයොටා හැරියර් වර්ගයේ මෝටර් රථයත් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි 21 December 2023
විදුලි බිලට වැට් බද්දේ බලපෑමක් නෑ ලබන මාසයේ කෙරෙන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බලනොපාන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 21 December 2023
’’මම කාටවත් යට වෙන්නේ නෑ’ බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කිරීමට තමා ඇමැති ධූරය දරන තුරු සූදානම් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 21 December 2023
දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය කිහිපයක් නත්තල් උත්සවය ද ඇතුළත් හෙට (22) ආරම්භ වන දීර්ඝ සති අන්තය වෙනුවෙන් දුර ගමන් සේවා විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් හෙට සිට 26 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 December 2023
ජනක රණවකගෙන් කප්පම් ඉල්ලු ප්‍රධාන සැකකරු මාට්ටු කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාගේ දරුවන් මරා දමන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි පහක කප්පම් මුදලක් ඉල්ලූ ප්‍රධාන සැකකරු කොළොන්නාවේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 21 December 2023
වැස්සෙන් වව්නියාවේ වැව් 41කට හානි අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අැදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයෙ වැව් 41 කට හානි සිදුව ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 21 December 2023
කුරුණැගල සජබ තරුණ සංවිධායක හෙරොයින් සමඟ අල්ලයි සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ කමිටුවේ සංවිධායකවරයා බව කියන අයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් රඹුක්කනදී අත්අඩංගුවට ගෙන තිබේ. 21 December 2023
කැබිනට් තීරණයක් කැබිනට්ටුවම වෙනස් කරයි රාජ්‍ය සමාලෝචන කමිටුව මගින් වසා දැමීමට යෝජනා කළ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එම ආයතනය ස්ථාපිත කිරීමේ අරමුණුවලට පමණක් සීමාවන පරිදි තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. 21 December 2023
වසර 48 ක් දඩුවම් විදීමෙන් පසු නිදහස ලබයි දීර්ග කාලයක් සිරගත ව සිට, නිදොස් කොට නිදහස් ලැබූ රැඳවියා බවට ඇමෙරිකන් කළු ජාතික ග්ලින් සිමෝනස් සැලකෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ග්ලින් සිමෝනස් වසර 48ක්, මාසයක් සහ දින 18ක් සිරගත ව සිටි අයෙකි. 21 December 2023
පිටකොටුවේදී නැතිවූ ගිනි අවිය කිරුළපනෙන් හමුවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්බිල් මහතාගේ ආරක්ෂක රාජකාරී සිදු කරන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් සැරයන්වරයාට පිටකොටුව ඕල්කට් මාවතේ බස් නැවතුමේ කම්බි වැටක් අසලට නින්ද ගිය අතරවාරයේදී පිස්තෝල අවිය ,ජීව උණ්ඩ ඇතුළු සෙසු උපකරණ තොගය සමඟ ගමන්මල්ල සොරා ගත් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි . 21 December 2023
කෝටි 10 ක නීති විරෝධී වත්කම් පොලිස් භාරයට ‘පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ යුක්තිය’ මෙහෙයුමෙන් ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න දේපළ භාරයට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 21 December 2023
චෝදනාවලට ඉන්දීය අගමැතිගෙන් පිළිතුරු ඇමෙරිකාවේ වෙසෙන සීක් ජාතිකයකු ඝාතනය කිරීමට ඉන්දීය ඒජන්තවරුන් උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකාවට ප්‍රතිචාර දැක්වීය. 21 December 2023
කඩුවෙල නගරසභාවට අයත් ටයර් පැන්නූ සේවකයෝ තුනක් මාට්ටු කඩුවෙල මහ නගර සභාවේ අතුරුගිරිය වල්ගම උප කාර්යාල ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ විසිතුනක් වටිනා ටයර් 34 ක් සොරකම් කල එම කාර්යාලයට අනුයුක්තව රාජකාරි කල සේවකයින් තිදෙනෙකු අද (22) දින අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි 21 December 2023
හමාස් නායකයා ඊජිප්තුවට යයි ඊශ්‍රායලය සමඟ නැවත වරක් සටන් විරාමයක් ආරම්භ කිරීමට කැමැත්තෙන්, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ගාසා තීරයේ හමාස් සංවිධානයේ, දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හනියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පමිණ සිටී. 21 December 2023
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 20,000 ක් මරුට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගණන 20,000 පසු කළේය. මියගිය පිරිස අතරේ කුඩා දරුවන් 8,000 ක් සහ කාන්තාවන් 6,200 දෙනකු සිටින බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති. 21 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026