ඉඟිනිමිටියේ වාන්දොරටු හයම විවෘත කරයි මහ වැසිත් සමඟ ඉහළ ජලධාරා ප්‍රාදේශ වලින් දැවැන්ත ජල කදක් ගලා ඒමත් සමඟ ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම විවෘත කිරීමට කටයුතු කල බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි. 24 November 2025
බලංගොඩ කස්සප හිමිට නොතීසී ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා නොසිති නිකුත් කළේය 24 November 2025
මඩකළපුවේ පුරාවිදු බිම්වල නාමපුවරු ගැලවීම ගැන විමර්ශනයක් මඩකළපුවේ පුරාවිද්‍යා ස්ථානවල නාම පුවරු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 24 November 2025
දොස්තරලා 2842ක් රට හැර ගිහින් පොදුවේ වෛද්‍යවරුන් 2842ක් පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2025
මුළු මැතිසබයම තැඹිලි පාට වෙයි ස්ත්‍රී පුරුෂ භාවය සමාජ භාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීමක් ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තැඹිලි පැහැති ඇඳුමෙන් පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය. 24 November 2025
වැඩක් නැති බෙහෙත් තිහක් වෙළඳපොලෙන් ඉවතට? කිසිදු ලියාපදිංචි සැපයුම්කරුවකු නොමැති ඖෂධ වර්ග තිහක් ලංකාවේ ඇති බවත් ඒ වගේම මෙම ඖෂධ පසුගිය කාලයේ පෞද්ගලික ෆාමසිවලවත් තිබී නැති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2025
අගමැතිනි -ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් හමුවක් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew John Duckworth මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය. 24 November 2025
ගසක් කඩා වැටී ත්‍රිරෝද රථ රියදුරු මරුට:3ක් රෝහලට රඹුක්කන මාවනැල්ල මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් මතට විශාල මාර ගසක් කඩා වැටීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසියකියයි. 24 November 2025
ගිනිඅවි-පතුරොම් සමඟ 5ක් අල්ලයි ටි 56 අවියක් සහ හිස් පතුරොම් ගැබ් 2 ක් හා ගුවන් ගමන් බලපත්‍ර 08 ක් සමඟ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 24 November 2025
පුරාවිද්‍යා බෝඩ් ගැලවීම ගැන විමර්ශනයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ යම් සංවිධානගත පිරිසක් පුරාවිද්‍යා නාම පුවරු ගලවා දමා රැගෙන යාම සම්බන්ධව පට්ටිපොළ සහ කොක්කඩිචෝලේ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හින්දුම සුනිල් සෙනව් මහතා සඳහන් කළේය. 24 November 2025
කාලගුණය වැස්ස ගැන දුන් අනාවැකිය දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය හෙට දිනයේ අඩු පීඩන කාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 24 November 2025
මිදිගම සිද්ධියේ තවත් සැකකරුවෙක් මාට්ටු මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඇතුළු හත්දෙනකු ඝාතනය කිරිම සදහා සැලසුම් කරමින් සිටි සිද්ධිය සම්බන්ධ පලාගිය තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි . 24 November 2025
කඩුගන්නාවේ කොන්ක්‍රිට් සුන්බුන් අතර සිරවී දිවි බේරාගත් නිශාන්ති මම හිර වේලා හිටියේ බිම් දෙකක් අතර මට හුස්ම ගන්න කියන්න පුළුවන් මට්ටමේ තමයි හිටියේ එතන පරතරයක් තිබුණා ඒ නිසා පහසු වුනා. මම ඇතුලේ එහෙට මෙහෙට වෙන්න ගිහින් තමයි අත කැපුණේ ඊට අමතරව බොයිලෙරුවේ වතුර හැලිලා කකුල ටිකක් පිච්චුනා යැයි පහළ කඩුගන්නාවේ නාය ගිය කඩයේ සුන්බුන් අතර සිරව සිට දිවි ගලවා ගත් දන්තුරේ චන්ද්‍රිකා නිශාන්ති මහත්මිය පැවැසුවාය. 23 November 2025
ගාලුමුවදොර ඩ්‍රෝන යැවු තරුණයෙක් මාට්ටු ගාලුමුවදොර පිටියේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කළ තරුණයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි. 23 November 2025
මඩකළපුවේ පුරා විද්‍යා බෝඩ් ගලවන් යයි මඩකලපුව මංමුනේ දකුණ සහ කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් පුරාවිද්‍යා ස්ථාන පහක සවිකර තිබූ නාම පුවරු පහක් ගලවා ඉවත් කර ඇතැයි කිරන් හා පට්ටිපලෙයි පොලිසි පවසයි. 23 November 2025
කායවර්ධන උපදේශක කුඩු සමග මාට්ටු පල්ලම නගරයෙ පවත්වාගෙන ගිය කායවර්ධන මධස්ථානයක් පවත්වාගෙන ගිය හිමිකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි. 23 November 2025
වැස්ස නිසා විභාගෙට යන්න බැරි නම් කියන්න තැන් තුනක් අයහපත් කාලගුණ තත්ත්වය නිසා අ.පො.ස උසස් පෙළ විභාග ශාලා කරා සිසුන් ප්‍රවාහනය කිරීමට යොදා ඇති විකල්ප ප්‍රවාහන සේවා වෙත ළඟාවීමට නොහැකි විභාග අයදුම්කරුවන් ළඟම කලාප අධ්‍යාපන කාර්යාලය අමතන්නැයි විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. 23 November 2025
යාපනයට ගෘහස්ථ ක්‍රීඩාංගනයක් යාපනය දිස්ත්‍රික්කයෙහි පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයෙහි ඉදි කිරීමට අද(23) මුල් ගල තැබිණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ විය. 23 November 2025
සජිත් එජාප දීගය බාර ගනී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාරගත් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 23 November 2025
හෘද රෝගීන් 9600 සැත්කම්වලට පෝලිමේ කොළඹ ජාතික රෝහලේ ‘බයිපාස්’ හෘද සැත්කම් සඳහා 9600කගේ දිගු පෝලිමක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 23 November 2025
හිටපු ජනපති රනිල්ගේ රට සවාරිය ගැන 50කගෙන් ප්‍රකාශ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති තම බිරිඳගේ ගෞරව ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීමට එක්සත් රාජධානිය බලා පියාසර කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166 ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 50 කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළේය. 23 November 2025
වියට්නාම් ගංවතුරින් 90ක් මරුට වියට්නාමයේ දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 90 දක්වා ඉහල ගොස් ඇති බවත් 12 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 23 November 2025
දොස්තරලා 6000ක් රට යන සූදානමක ඒඑම්සී කළ වෛද්‍යවරුන් හය දාහක් රට යෑමට බලාපොරොත්තුවෙන් සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2025
නි,ඇමැති කෙනෙක්- මාධ්‍යවේදනියකට කැත විදියට කතා කරලා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදනයකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අසෝබන අයුරින් කතා කර ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද(23) පැවසීය. 23 November 2025
බැංකු නොවන ණය දෙන ආයතන නියාමනයට බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉතාමත් ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම පනත් කෙටුම්පතට අනුකූල නොවන බැංකු නොවන ණය දෙන ආයතනවලට මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමෙන් අනතුරුව වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 50 කට නොවැඩි දඩයකට හෝ වසර පහකට නොවැඩි සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් වීමට සිදුවේ. 23 November 2025
තරුණ සේවා සභාව හරි පාරට වැටිලා ජාතික තරුණ සේවා සභාව නිවැරදි දිශානතියකට ගමන් කරමින් තිබෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය. 23 November 2025
159 ෆේල්- අනුර දැනට පාස් 159 නම් අදාළම නෑ.ඔවුන් ෆේල්.ඒක තමයි අනුර කුමාර මහත්තයත් තනියෙන් එල්ලිලා මේකෙ සටන් කරන්නේ.ඒ එතුමා දැනට මිනිස්සු අතර පාස් නිසා වෙන්න ඕන යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 November 2025
මාධ්‍යවේදී ඝාතන ෆයිල් යළි අරිනවා යට ගැසූ ඝාතන මාධ්‍යවේදී ඝාතන ෆයිල් නැවත විවෘත කර ඒවාට නිසි සාධාරණය කරන බවට ජාතික ජන බලවේගය දුන් පොරොන්දුව අභියෝග මැද ඉටුකරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේ දී කීවාය. 23 November 2025
සෞඛ්‍ය මානව සම්පතේ දීමනා අයවැයෙන් කපලා සෞඛ්‍ය මානව සම්පතට තිබූ බොහොමයක් දීමනා මෙවර අයවැයෙන් කප්පාදු කර ඇතැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2025
වෛද්‍ය ඉල්ලීමක් දෙන දවස කියයි වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් වන ’’ශ්‍රී ලංකා වෛද්‍ය සේවය’’ ජනවාරි 31 දා වන විට ඇරැඹීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 23 November 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026