ඊශ්‍රායල ත්‍රස්ත කල්ලි ඉරානයේ ඊශ්‍රායලය සමඟ සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් ඉරානයේ සහේදන් ප්‍රදේශයේදී ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පැවැසෙයි. 13 January 2026
ජුලී- මහින්ද බලන්න යයි ලංකාවේ ඇමරිකා තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹදී අද (13) පැවැත්විණි. 13 January 2026
ට්‍රම්ප් මාගේ තාත්තා - තුර්කි කතක් කියයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පියා බව පවසමින්, තුර්කි කාන්තාවක් පීතෘත්වය තහවුරු කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා නඩුවක් ගොනු කළ බව විදෙස් මාධ්‍ය පවසයි. නෙක්ලා ඔස්මෙන් මෙම 55 හැවිරිදි කාන්තාව, මෙසේ පවසන්නේ ඇය හා ට්‍රම්ප් අතරේ ඇති සමානකම් ද පෙන්වමිනි. 13 January 2026
රංගන ශිල්පී ටී.කේ. කාටර් සමුගනී 80 දශකයේ සිනමා නිර්මාණවලටත්, රූපවාහිනී කතාමාලාවලටත් රංගනයෙන් දායක වූ ඇමෙරිකානු නළු ටී.කේ. කාටර් දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 69 ක් බව පැවැසෙයි. 13 January 2026
බලපිටියේ පන්දම් විරෝධයක් විදුලි බිල වැඩි කිරීමට විරෝධය පා පන්දම් උද්ඝෝෂණයක් බලපිටිය බස් පොළ ඉදිරිපිටදී පැවැත්විණ. 13 January 2026
වෙනිසියුලා විපක්ෂ නායිකාව වතිකානයේ නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ වෙනිසියුලා විපක්ෂ නායක මරියා කොරිනා මචාඩෝ සහ ලියෝ පාප් වහන්සේ අතර විශේෂ වතිකානුවේදී පැවැත්විය. 13 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගුරු මා පිය විශ්වාසය ඕනෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන්ගේ සහ මාපියන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 13 January 2026
ජර්මන් චාන්සලර් ඉන්දියාවේ ජර්මන් චාන්සලර් වන ෆ්රෙඩ්රික් මර්ස් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයෙන් ජර්මන් චාන්සලර්වරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. 13 January 2026
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් පත් කරයි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ. 13 January 2026
බීට්ටු වන නිලධාරියා අල්ලස් දැලේ පැටලෙයි අම්පාර පොතුවිල් හුලංනුගේ ප්‍රදේශයේදි ලාහුගල වන සංරක්ෂණ කාර්යාලයට අනුයක්ත කෝමාරි බිට්ටු වන කාර්යාලයේ සේවය කරන බිට්ටු වන නිළධාරියකු රුපියල් 30000 ක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේ දි අල්ලස් හා දුෂණ විමර්ශණ නිළධාරින් විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත. 13 January 2026
වන අලි පහරින් බිරිය මරුට සැමියා රෝහලට පොළොන්නරුව සිරිපුර කළුකැලේ වෙල්යායේ ගොවිතැන් ආරක්ෂා කරමින් සිටි යුවළකට අද ( 13 ) එල්ල වූ වන අලි ප්‍රහාරයකින් බිරිඳ එම ස්ථානයේ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි. 13 January 2026
හරි වැඩක් නැති දේපොළ ආයෝජකයන්ට ඌන උපයෝජිත ඉඩම් දේපළ ප්රශස්ක උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
පැල්වත්ත සීනි සමාගමට සංචාරක ඇල්ම-බැල්ම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටි පරිශ්‍රයේ තෝරාගත් ස්ථාන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම වේදය යටතේ සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන වශයෙන් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ලෝක ජල සුරක්ෂිත සමුළුව ලංකාවේ ජාත්‍යන්තර ජල සංගමයේ 2026 ජල සුරක්ෂිතතා සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා සත්කාරකත්වය දැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ගුවන්තොටේ රට සල්ලි මාරු කරන කොන්ත්‍රාත්තු දෙයි කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තු ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
සංශෝධන පනත් තුනක් පාර්ලිමේන්තුවට මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
විදේශ ශ්‍රමිකයන් 7,500 ක් ගෙන්වන්න යයි ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ආයතන මෙරට ඉදිකිරීමේ කටයුතු සඳහා විදේශ ශ්‍රමිකයන් 7,500 ක් ගෙන්වීමට බලාපොරොත්තු වන බවත් ඉන්දියාව බංග්ලාදේශය සහ නේපාලය යන රටවල්වල ශ්‍රමිකයන් දැනටමත් මෙරට සේවය කරන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් එල්. බී. කුමුදුලාල් මහතා පැවසීය. 13 January 2026
පොලු තැබූ වෛද්‍ය සැපයුම් සල්ලි ගෙවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතින් ලබාගත් වෛද්‍ය සැපයීම් සඳහා 2008 - 2023 කාල සීමාවට අදාලව නිරවුල් නොකළ ගෙවීම් නිරවුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ල.දු.දෙ අබලි ලෝහ බැහැරලන ලංසුව දෙයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අඛලි ලෝහ බැහැර කිරීමේ ලංසුව ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
රජයේ ගොඩනැගිලිවලට ඉංජිනේරු ඇස්තමේන්තු රජයේ ආයතන වල ගොඩනැගිලි ආශ්රිත ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
විදුලි බල කර්මාන්තයේ මූලික පැවරීමේ සැලැස්මක් ශ්‍රී ලංකා විදුලි බල කර්මාන්තයේ මූලික පැවරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ලෙඩ දෙකකින් ගොඩ ගන්න වැඩක් ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
පාලනාධිකාරියේ තීරණයට අවනත නොවූ ඇල්කඩුව සමාගමේ දෙකක් ගෙදර රාජ්‍ය සමාගමක් වන ඇල්කඩුව වතු සමාගමට අයත් පිටකන්ද වතුයායේ තේ තවානේ වාර්ෂික තොග ගණනය අතරතුරදී ඇති වූ සිද්ධියේදී සේවා අවශ්‍යතා මත කළ ස්ථාන මාරුවීම්වලට අවනත නොවූ එම සමාගමේ වතු අධිකාරීවරයකුගේ සහ වැඩබලන අධිකාරීවරයකුගේ වැඩතහනම් කළ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 13 January 2026
මුලතිව් රෝහල හදන්න ඉන්දියාවෙන් අත මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ඉරානය සමග ගනුදෙනු කරන රටවලට 25%ක අමතර බද්දක් ඉරානයේ පැවැත්වෙන විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමට පිළිතුරු ලෙස ඉරානය සමග ගනුදෙනු කරන සියලුම රටවලට සියයට 25ක ප්රතිශතයක අමතර බද්දක් පැනවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) සිය ටෘත් සෝෂල් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළ අතර ඉන් වැඩිම බලපෑම චීනය සහ ඉන්දියාවට එල්ල විය. 13 January 2026
ග්‍රීන්ලන්තය කෙසේ හෝ ප්‍රාන්තයක් කර ගන්නවා-ට්‍රම්ප් හමුදාමය ක්‍රියාමාර්ගයකට නොගොස් ග්‍රීන්ලන්තය හෝ ඩෙන්මාර්කය සමග ඇති කරගන්නා ගිවිසුමක් මාර්ගයෙන් ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමට තමන් කැමැත්තෙන් සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නැවත වරක් අවධාරණය කළේය. 13 January 2026
මන්ත්‍රී “පැන්ෂන්” පෙබරවාරියෙන් ඉවරයි? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි මස සම්මත කිරීමට රජය බලාපොරොත්තුවේ. 13 January 2026
ධීවර - ජලජීවී වගාවට ජාතික ප්‍රතිපත්තියක් ධීවර හා ජලජීවී වගා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
රාජ්‍ය සේවක උත්සව අත්තිකාරම වැඩි කරයි රජයේ නිලධරයන් සඳහා ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ආණ්ඩුවේ වාහනවලට ඉන්ධන ගන්න ඩිජිටල් කාඩ් පතක් රජයේ ආයතන වලට අයත් වාහන වලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රම වේදය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 January 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026