
(ෂේන් සෙනෙවිරත්න)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මදුජිත් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමුණත් එහි අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
සිසුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් විශ්ව විද්‍යාල පාලනය පහත උපදෙස් ලබා දී තිබේ.
තම ගම් ප්‍රදේශ වෙත ආරක්ෂිත ගමන් කළ හැකි සිසුන්ට එසේ පිටත්ව යා හැකිය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවෙස් වෙත යාමට නොහැකි සිසුන්ට සරසවි මැදුර නේවාසිකාගාරය හැර විශ්ව විද්‍යාල නේවාසිකාගාර පාලනය දැනුවත් කර රැඳී සිටිය හැකිය.
අවදානම් සහිත පෞද්ගලික නේවාසික ස්ථානවල රැඳී සිටින සිසුන් ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණෙන්නේ නම් ඔවුන් පිළිගෙන අවශ්‍ය වාර්තා පවත්වා ගන්නා ලෙස නේවාසිකාගාර පාලන අධිකාරියට උපදෙස් ලබා දී ඇත.
කිසිදු සිසුවෙකු නේවාසික ආකාරවලින් පිටව යාමට බල නොකරන බවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන්ය.
කාලගුණ තත්ත්වය සාමාන්‍ය අතට පවත්වන තෙක් විශ්ව විද්‍යාල ප්‍රජාව සිය ආරක්‍ෂාව පිළිබඳව උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසද පෙරදිනය විශ්ව විද්‍යාලය සිසුන්ගෙන් ඉල්ලාසිටි.
විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරන දිනය මාධ්‍ය මගින් දැනුවත් කරන බවද විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd