ලංකාවේ තේ පාඩුව කෝටි 51000ක් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සහ අපනයනය පහළ වැටීම හේතුවෙන් පසුගිය වසර දහයේදී රුපියල් කෝටි 51150ක පාඩුවක් සිදුවී ඇතැයි තේ වෙළඳපොළ කරුණු අධ්‍යයනයේදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. 01 June 2024
රේගුවට කෝටි 647ක් වැය කර ගත්තු යන්ත්‍රය සුදු අලියෙක් ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 647ක් පමණ වැය කර මිලදී ගත් පරිලෝකන පද්ධතිය ඵලදායිත්වයෙන් අඩු ඉතා දුර්වල එකක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක(2024) සඳහන් වේ. 01 June 2024
අපේම මෝටර් රියකට ජනපතිගේ හිත ගිහින් ශ්‍රී ලංකාවේ අමුද්‍රව්‍ය සියයට අසූවක් යොදා ගනිමින් නිෂ්පාදනය කෙරුණු මෝටර් රථයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. 01 June 2024
හරි පඩිය නොගෙවන වතු, අලුත් හාම්පුතුන්ට වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කළ වතු වල බදු ගිවිසුම අවලංගු කිරිමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු ඇමති මනූෂ නානයක්කාර මහතා වෙත උපදෙස් ලබාදී ඇත. 01 June 2024
පොහොට්ටුවෙන් රනිල්ට අභියෝගයක් සමග ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්‍රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්‍රබල අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 01 June 2024
ටෙලි අධ්‍යක්ෂකට කඩුවෙන් කොටා දේපොළ පැහැරගෙන කෑගල්ල හිරිවඩුන්න ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුට කඩුවකින් පහර දී එක් ලක්ෂ හැටදහසක් වටිනා දේපොළ සොයාගෙන ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි. 01 June 2024
නීතිපති සේවා දිගුව ගැන ජනපති ප්‍රකාශයක් නීතිපතිවරයාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ වලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු ප්‍රධාන කාර්ය භාරයක් කරන බැවින් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. 01 June 2024
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 June 2024
බයිඩන්ගෙන් නව සාම සැලැස්මක් ඊශ්‍රායල හමාස් ගැටුම නවත්වා, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නව සාම සැලැස්මක් සකස් කර ඇත. 01 June 2024
ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද (1) ආරම්භ වෙයි. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර, එසැණින් ප්‍රතිඵල ද නිකුත් කෙරෙනු ඇත. 01 June 2024
හිටපු ජනපති සූමා යළි බලයට එන ලකුණු දකුණු අප්‍රිකා ජනාධිපතිවරණයෙන්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් ය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවුණු අතර, හිටපු ජනාධිපති ජේකොබ් සූමා සහ අභිනවයෙන් පිහිටුවූ ‘එම්.කේ.’ පක්ෂය පවසා ඇත්තේ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවන බවය. 01 June 2024
ඉන්ධන මිල පහළට මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද මධ්‍යම රාත්රයේ සිට පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි. 31 May 2024
ලිංගික අල්ලසට ඇඟිල්ල දිගු වූ නිලදරුවා කලින්ම ගෙදර යයි කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඔහු නියමිත කාලයටත් පෙර විශ්‍රාම යෑමට තීරණය කර ඒ බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයි වාර්තාවේ. 31 May 2024
සයිටම් - නෙවිල් ප්‍රනාන්දු රෝහල මොරටු සරසවියට දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) එළඹෙන අගෝස්තු මාසයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 31 May 2024
අනධ්‍යයන වර්ජකයන්ට හොඳම විසඳුම දෙනවා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා (3) සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 31 May 2024
ජුනි දෙවැනි සතියේ සිට වැඩිහිටි දීමනාව යළිත් අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී නැතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. 31 May 2024
විදුලි බිල අඩු කරන හැටි කොමිසම කියයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක තුළ මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ හොත් ජූලි මස මැද වන විට ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය. 31 May 2024
’’රනිල් කළ දෙයින් සෑහිමකට පත් වෙන්න බෑ’’ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට යම්තාක් දුරකට ස්ථාවර කළත් එයි සෑහිමකට පත්වෙන්න බැරි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 31 May 2024
ඈත මුහුදේ කැඩුනු යාත්‍රාවේ ධීවරයන් හයක් බේරා ගැනෙති දෙවුන්දර තුඩුවේ සිට කිලෝ මීටර් 889 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෝ හය දෙනෙකු ජපන් වෙළෙද නෞකාවකට දැනුම්දීමෙන් අනතුරුව අද දින නිරුපද්‍රිතව බේරාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්‍රමසූරිය මහතා පැවැසීය. 31 May 2024
උද්ධමනය සියයට 0.9ක් දක්වා පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (මැයි) මෙරට උද්ධමනය සියයට 0.9 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 31 May 2024
උපාධි ගන්න රේගුවෙන් සල්ලි අරන් 149ක් කට්ටි පැනලා? රේගු දෙපාර්තමේන්තුවේ වන්දි අරමුදලින් රුපියල් කෝටි 13ක මුදලක් වැය කර පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරූ රේගු නිලධාරීන් 323 දෙනෙකුගෙන් පාඨමාලා අවසන් කර සහතික පත්‍ර ඉදිරිපත් කර තිබුණේ 149 දෙනෙකු පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක (2024) සඳහන් වේ. 31 May 2024
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (31) නිකුත් කර තිබේ. 31 May 2024
රංගෙ ගිල්ලෙ ජනාධිපතිගෙ ලණුවක් මැතිවරණ කල් දැමිය යුතු බවට රංගෙ බණ්ඩාර ලවා ජනාධිපතිවරයා කියෙව්වේ රංගෙ එජාප මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන්නට පොටක් පාදා ගැනීමට යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය. 31 May 2024
වසර පහක් තුළ කෘත්‍රිම බුද්ධිය හැම තැනම පතුරනවා ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 May 2024
‘රාජ්‍ය ගණුදෙණු පූර්ණ විනිවිද බවින් කරනවා‘ සක්වල හා හුස්ම වැඩසටහන්වල සියලු ගණුදෙනු සහ පරිත්‍යාග සිදුවන්නේ පූර්ණ විනිවිධභාවයකින් යුක්තව බැවින් සමගි ජන බලවේග රජයක් තුළත් සියලුම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 31 May 2024
සුදු තරුණියගේ බෑගයට විද්ද ජංගම වෙළෙන්ඳා රිමාන්ඩ් පස්සර සුඛෝපභෝගී බස් රථයේදී එංගලන්ත ජාතික තරුණියගේ රුපියල් 2523382.04ක් වටිනා බෑගය සහ ඩොලර් 20000ක මුදල් සොරාගත් කැලණිය ප්රතියාගොඩ තරිඳු නිස්සංක සැකකරු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද නියෝග කළේය. 31 May 2024
ගාසාවට සටන් විරාම ඉල්ලා ලිප්ටන් වටරවුමේ විරෝධතා ගාසා තීරයේ ස්ථීර සටන් විරාමයක් ඇති කර ජනසංහාරය වහා නවත්වන ලෙස බල කරමින් විරෝධතාවක් ලිප්ටන් වටරවුම අසළ අද (31) දහවල් පැවැත්විණි. 31 May 2024
ජාතික රෝහලේ සේවකයෙක් වහළය මත විරෝධයේ කොළඹ ජාතික රෝහලේ සේවකයෙක් එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඉවත්කරන ලෙස බල කරමින් බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහළයට නැග විරෝධතවක් ආරම්භ කර තිබේ. 31 May 2024
විමලවීර - රවීගෙන් සමාව ඉල්ලයි : නඩු කටයුත්තත් අවසන් හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාට එරෙහිව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කඩුවෙල දිසා අධිකරණයෙහි පනවා තිබූ වන්දි නඩුවක් සම්බන්ධයෙන් විමලවීර දිසානායක මහතා අධිකරණයේදී සමාව ගැනීම නිසා එම නඩුව සමථයකට පත් කර අවසන් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග මහත්මිය අද (31) දින කටයුතු කලාය. 31 May 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026