’’ජනපීඩක ආණ්ඩුව පන්නමු’’ රටේ ජනතාව පීඩාවට පත් කරමින් වර්තමාන රජය විසින් ගෙන යන බදු ප්‍රතිපත්තිය හා උද්ධමනය පහත දමන ලෙස පවසා, ඊට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සංවිධානය දැවැන්ත උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (8) අනුරාධපුර නගරයේදී පැවැත්වූහ. 08 March 2024
‘කිරිපිටි මිල තීරණය කරන මිල සුත්‍රය 2019 සිට භාවිත කර නෑ‘ ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කෙරුණු මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක කර නැති බවත් ඒ හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබමින් කිරිපිටි අලෙවි කර ඇති බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 08 March 2024
කාන්තාවන්ට හයිය දෙන පනත් දෙකක් මැයි එයි ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 March 2024
‘2035 දී චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක්‘ වසර 2035 වනවිට චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් ප්‍රකාශ කළේය. 08 March 2024
කොළඹ නගරයේ වායු දූෂණ තවත් අයහපත් වෙයි කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් ඇති බව කාලගුණ අංශ පවසයි. 08 March 2024
පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා අද (8) ඉල්ලා අස්විය. 08 March 2024
‘විහාර දුව,හන්සිළු පුතා‘ යාත්‍රාව ධීවරයින් සමඟ අතුරුදන් බිලිකොකු යොදා මසුන් මැරිම සදහා කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගිය විහාරා දුව, හංසිළු පුතා යාත්‍රාව එහි සිටි ධීවර කාර්මිකයින් තිදෙනා සමග අතුරුදහන්වි ඇති බව යාත්‍රා හිමිකරු කල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ. 08 March 2024
හරක් කටාට උදවු කළ සැරයන්ගේ වැඩ තහනම් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට පලා යාම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් ගේ රජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි . 08 March 2024
ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක් ගාසා වැසියන්ට අවශ්‍ය ආධාර සෘජුව කඩිනමින් ලබා දීමට ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 08 March 2024
ජනපති- පක්ෂ නායක හමුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයේ ඉදිරි ක්‍රියාවලිය සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 08 March 2024
පාසල් සිසුවියට හදිකළ ටියුෂන් ගුරා සොයා මෙහෙයුම් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පාසලක ඉගනුම ලබන 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් බිය ගන්වා, අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අපයෝජනයන් සිදු කල උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (07) විමර්ශනයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 08 March 2024
රනිල් - බැසිල් හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති නිවසේදී ඊයේ (7) රාත්‍රී සිදුවිය. 08 March 2024
පුත්තලමේ විහාරස්ථානයක හිමිවරු දෙනමකට අමානුෂිකව පහර දිලා පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයෙ සිට වැඩ වාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායක සභාවේ පිරිසක් විසින් පහර දීමේන් බරපතල තුවාල හා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 08 March 2024
ගෝඨාගේ පොතට ලොකු පෝලිමක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ’’ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’’ නමැති ග්‍රන්ථයේ මුල් තොගය ඊයේ (7) සම්පූර්ණයෙන්ම විකිණී අවසන්වූ බව විජිත යාපා පොත් ප්‍රකාශක ආයතනයේ සභාපති විජිත යාපා මහතා පැවසීය. 08 March 2024
බියගම රෝහල හදන වැඩ ලබන මාසේ ඇරැඹෙයි බියගම නව රෝහලක් ඉදිකිරීමේ කටයුතු ලබන මාසයේදී ආරම්භ කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 08 March 2024
මත්පෙති ගංජා සමඟ ප්‍රබල ජාවාරම්කාරියක් මාට්ටු මත්පෙති ,අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් ඔයාලච්චේන සෙම්මන්නෝඩෛ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගනු ලැබීය . 08 March 2024
රන් ආලේපිත රිදී කඩුවක් සමඟ හිටපු පළාත් මන්ත්‍රී අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත රිදී කඩුවක් ළඟ තබාගත් හිටපු දකුණු පළාත් සභා (එ.ජා.ප) මන්ත්‍රීවරයකු ලුණුගම්වෙහෙර පුංචි අප්පු ජදුර ප්‍රදේශයේදී පමණ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය . 08 March 2024
රම්‍යා වනිගසේකර දිවි සැරිය නිම කරයි ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්රවෘත්ති නිවේදිකා රම්‍යා වනිගසේකර මහතමිය අද (08) උදැසන අභාවප්‍රාප්ත වූවාය . 08 March 2024
හීලෑ අලි ඇතුන් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් හබරණ දිවයිනේ ප්‍රථම වතාවට හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා අභිජනන මධ්‍යස්ථානයක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් හබරණදී විවෘත කිරීමට හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් පියවර ගනු ලැබීය. 08 March 2024
කාටූන් රටක නිදහස පෙන්වන කැඩපතක් ප්රජාතන්ත්රවාදයේ කොටසක් වන කාටූන් නිර්මාණ තුළින් එම රටේ ස්ථාපිත වී ඇති නිදහස පෙන්නුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 March 2024
ගෝඨා නොකී කතා එළියට අරගලය උත්සන්න වීමත් සමග ආරක්ෂක හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය ජුනි මස 8 වැනිදා ජනාධිපති මන්දිරයට ගෙන ඒමට තමා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපදෙස් දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 08 March 2024
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 March 2024
‘ලන්ඩන් වෙන්මයි‘කෘතියට හොදම දෙමළ පරිවර්තනයට හිමි සම්මානය රොඩ්නි විදාන පතිරණ විසින් රචිත ලන්ඩන් උණුසුම නවකතාවේ දෙමළ පරිවර්තනය ලන්ඩන් වෙන්මයි කෘතිය 2023 වසරේ හොඳම දෙමළ පරිවර්තනය ලෙස සම්මාන හිමි කරගෙන තිබේ. 08 March 2024
මෙරට පවුලක් කැනඩාවේදී මරා දමලා කැනඩාවේ දකුණු ඔටාවා හි දී සිදුකළ තියුණු ආයුදයකින් පහරදී ශ්‍රී ලාංකික පවුලක හය දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 08 March 2024
ජනපති සම්මාන ලාභියා නිදන් හාරලා පොළොන්නරුව වලේකඩේ ප්‍රදේශයේ ගෙවත්තක පුරාවස්තු කැණීම් කරමින් සිටි, ජනාධිපති සම්මානලාභියකු ඇතුළු පස්දෙනකු පුරාවස්තු කැනීම් කිරීමට යොදාගත් උපකරණ සහ නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ අද අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 07 March 2024
කෙහෙළියට දැන සනීපද? හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැන් සනීපදැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේදී ඔහුගේ නීතීඥවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අධිකරණයේ රැස්ව සිටි සියළු දෙනා සිනා සුනහ. 07 March 2024
ඌවතැන්නේ සුමන හිමිට වරෙන්තු දෙමටගොඩ පොල් තෙල් සමාගමකින් පොල්තෙල් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන අද (7) වරෙන්තු නිකුත් කළේය. 07 March 2024
ජනපතිගේ කාන්තා දැක්ම හෙට එලියට වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කාන්තාව සවිබල ගැන්වීම සඳහා ජනපති ගෙන යන වැඩපිළිවෙල හෙට (8)එළිදක්වන බව කොළඹ මහ නගර සභාවේ එජාප හිටපු මන්ත්රීනී සඳමාලි උළුවඩුගේ මහත්මිය පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අද (7) පැවැසුවාය. 07 March 2024
හොදම මිතුරාගේ ලක්ෂ 50 කට විදලා කොළඹ තරුපයේ හෝටලයකදී තම කුළුපග ව්‍යාපාරික මිතුරාට නින්ද ගිය අතරවාරයේදී මිතුරාගේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් රැගෙන අනෙක් මිතුරා පලා ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි. 07 March 2024
‘ටෲ කන්ෆිඩන්ස්‘ නෞකාවේ සිටි ලාංකිකයෙක්ට තුවාල ඒඩන් බොක්කේදී හූති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයට ලක්වූ ටෲ කන්ෆිඩන්ස් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙක් එම ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේය. 07 March 2024
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025