’’ජනපතිවරණය රනිල් පරදින නිසා රංගේ ලවා යෝජනා ගේනවා’’ පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දික් කර ගැනීම සඳහා වෙනම ජනමත විචරණයක් නොපවත්වා ව්‍යවස්ථාවට අනුකුලම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එම කාලය දීර්ඝ කරගත හැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 29 May 2024
ජනපතිවරණයට සල්ලිත් වෙන් කර අවසන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 May 2024
ශ්‍රී ලංකාවේ ආගමන විගමන දියුණුවට සිංගප්පූරුවේ සහාය ශ්‍රී ලංකා ආගමන විගමන පද්ධිතිය සම්බන්ධයෙන් සොයා බැලීමට සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ විශේෂඥයන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි. 29 May 2024
සීදුව කාන්තා මරණයට සැකපිට අයෙක් අත්අඩංගුවට සීදුව පොලිස් වසමේ ලියනගේමුල්ල ප්‍රදේශයේ කැලෑ පල්ලිය මාර්ගයේ දේවස්ථානයක් ඉදිරිපිට කානුවක ඊයේ (28) දින මරා දමා තිබු කාන්තාවකගේ මරණය පිළිබදව ඇගේ අනියම් පුරුෂයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ සැගව සිටියේදී සැකපිට අද (29) අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි. 29 May 2024
ඩබ්ලිව්.පී.සීගේ ATM කාඩ්පතට විද්ද සැරයන්-පීසී ඇතුළු පහක් මාට්ටු පොලිස් කොස්තාපල්වරියකට අයත් ඒ ටි එම් කාඩ් පතකින් ඉන්ධන ඇතුළු රුපියල්15,150 භාණ්ඩ ලබා ගත් කන්දේ නුවර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි . 29 May 2024
ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගියේය. 29 May 2024
බිලියන 2.5ක් ගොවි සාක්කු වලට දමයි 2024 යල කන්නයේ වී වගා කිරීමේ දී ගොවි ජනතාවට වගා සහනාධාර වශයෙන් රුපියල් බිලියන 2.5ක් මේ වන විට ගොවි ගිණුම් වලටම යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 29 May 2024
රජයට විරෝධය පා කොටුවේ උද්ඝෝශනයක් රජයේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (29) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 29 May 2024
පාරේ වැඩ පෙන්වූ යතුරුපැදි -ත්‍රිවීල් සමඟ 60ක් අත්අඩංගුවට වෙසක් සිරි නැරඹීමට යන අතරතුරදී ජනතාවට හිරිහැරයක් වන පරිදි අපරික්ෂාකාරීව යතුරු පැදි හා ත්‍රී රෝද රථ පැද වු 60 දෙනෙකුගේ වාහන අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 29 May 2024
නැවතුන නිවාස ව්‍යාපෘති අරඹන්න කැබිනට් පත්‍රිකාවක් කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 29 May 2024
මැතිවරණ කල් දමන ප්‍රකාශය පාඨලීගේ පක්ෂය හෙලා දකී ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශය හෙලා දකින බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. 29 May 2024
මෛත්‍රීට පැනවූ වාරණය දීර්ඝ කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාට පැන වූ වාරණය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද නියෝග කළේය. 29 May 2024
උතුරු කොරියාවේ කසල බැලූන දකුණු කොරියාවට උතුරු කොරියාවේ සිට දකුණු කොරියාව දෙසට කුඩා බැලූන සියයකට ආසන්න ගණනක් පා වී ආ බවත්, දකුණු කොරියානු දේශසීමා හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ. 29 May 2024
විදුලි බිල සියයට 20 කින් අඩු කළ හැකියි විදුලි බිල සියයට 10 ත් 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළ හොත් ඉන් පසුව විදුලි බිල ඉහළ යෑමේ වැඩි හැකියාවක් ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (29) පැවසීය. 29 May 2024
දකුණු අප්‍රිකාවේ එක පොදියට මැතිවරණ දකුණු අප්‍රිකාවේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් නවය සඳහා පළාත් සභා මැතිවරණය අද (29) පැවැත්වෙයි. 29 May 2024
ජෝන්ස්ටන්ගෙන් වන්දි ඉල්ලා අනුර අධිකරණයට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ දේවේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණයේ සාක්ෂි දෙමින් අද(29) ඉල්ලා සිටියේය. 29 May 2024
ත්‍රීරෝද රථ ගාලක අරාවුලකින් අයෙක් මරුට තිහාරිය ගොඩැල්ල මහපල්ලිය ආසන්නයේ ත්‍රී රෝද රථ ගාලක අරාවුලක් හේතුවෙන් සිදුවූ ගැටුමකින් පසු රෝහල් ගත කෙරුණු පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 29 May 2024
පාදුක්කේ නිවසක සිටි එක්දරු මවක් මරලා පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසක් සිටි කාන්තාවකට අද (29) කිසිවෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයක් නිසාවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 29 May 2024
ආරවුල මරණයෙන් කෙළවර වෙයි ගල්කිරියාගම බණ්ඩාරපොතානදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පිය පුතු දෙදෙනකුට සිදුකළ පහර දීමකින් පියා මිය ගොස් පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි. 29 May 2024
බසයක් පෙරැළී 27 ක් රෝහලේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පසු පෞද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළි සිදු වූ අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය කියයි. 29 May 2024
උසස් පෙළ ප්‍රතිඵල අනිද්දා අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජන්ත මහතා පැවසීය. 29 May 2024
රුසියාවට යවන බව පවසා කෝටියක් වංචා කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව රුසියාවට යවන බව පවසා පුද්ගලයින් 140 දෙනෙකුගෙන් පමණ රවටා රුපියල් කෝටියකට අධික මුදල් ලබාගෙන වංචා කළ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. 29 May 2024
ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) පෙරවරුවේ ද ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරිය පැවසීය. 29 May 2024
කෝටි 23 අම්බර් කල්පිටියෙන් අල්ලයි රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් කොටස්) කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්‍රදේශයෙදී අද දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි. 29 May 2024
රිය අනතුරක් කළ අයි.පී.අත්අඩංගුවට කොළඹ නුවර මාර්ගයේ බීමත්ව යතුරුපැදියක් පදවාගෙන හෝටලයක් ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙකු හප්පා තුවාල සිදුකර එම යතුරු පැදිය ත්‍රී රෝද රථයක ද ගැටීම සම්බන්ධයෙන් එම යතුරු පැදිය පදවාගෙන ගිය පොලිස් පරීක්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 29 May 2024
වැසි සුළං අඩු නොවන හැඩ සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 May 2024
බියගමට රෝහල් දෙකක් ගම්පහ බියගම මහ රෝහල සහ ළමා රෝහල ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 29 May 2024
කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක් මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම් රාන් මොහොමඩ් කාසිම් නොහොත් කම්ජිපාණී ඉම්රාන්ගේ පියාට රුපියල් ලක්ෂ විස්සක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (28) නියම කළේය. 29 May 2024
මන්ත්‍රී බංගලාව නරකාදියක්: කතානායකට පැමිණිල්ලක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා පැමිණිලි කර ඇත. 29 May 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026