
(මනෝප්‍රිය ගුණසේකර)
වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අමු අමුවේ පුළුස්සා දැමීමේ චෝදනාවන්ට වරදකරු කරමින් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරීකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය අනුමත කළේය.
රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි විත්තිකරු මෙම අපරාධය කර ඇත්තේ චේතනාන්විතවම බව පරිවේෂණීය සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විත්තිකරුට මරණ දඩුවම් පමුණුවා ඇතැයි මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරු ගොනුකළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේය.
මහාධිකරණ තීන්දුවට එරෙහිව ගොනුකළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් පිටු 38 කින් සමන්විත තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මෙලෙස මරණ දඬුවම ස්ථිර කරන ලද්දේ රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි පෞද්ගලික ආයතනයක විධායක නිලධාරීකු වු විජේමුනි මධුර මනුරංග ද සිල්වා (43) නමැත්තාටය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ පී. කුමාරන්රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ අභියාචන පෙත්සම විභාගයට ගැනීණි. නිදි ඇඳේදීම ඝාතනය කර අමු අමුවේ පිළිස්සු බවට සනාථ වුයේ රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි සචේතනා සඳමාලි ප්‍රනාන්දු (29), විජේමුණි ඉෂාන් චානුක ද සිල්වා (03), සහ කුෂාන් සඳරු ද සිල්වා (මාස 01) නමැති විත්තිකරුගේ බිරිඳ සහ දරු දෙදෙනාය.
දීර්ඝ විභාගයකින් අනතුරුව විත්තිකරුගේ පෙත්සම නිශ්ප්‍රභ කරමින් පිටු 38කින් සමන්විත තීන්දුවක් ප්‍රකාශයක් පත් කළ විනිසුරු මඩුල්ල රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ එකම නිවසක විත්තිකරු සමඟ සචේතනා සඳමාලි ප්‍රනාන්දු (29), විජේමුණි ඉෂාන් චානුක ද සිල්වා (03), සහ කුෂාන් සඳරු ද සිල්වා (මාස 01) නමැති විත්තිකරුගේ බිරිඳ සහ දරු දෙදෙනා පදිංචිව සිට ඇතැයි සඳහන් කළේය.
2012 දෙසැම්බර් 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිවසේ කාමරයේ නිදාසිටියදී බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබු බවත් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා හමුවේ විභාග කළ නඩුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් සාක්කිකරුවන් 14 දෙනෙකු සාක්කි දී ඇතැයිද විනිසුරු මඩුල්ල තීන්දුවේ සඳහන් කළේය.
සිද්ධිය වන විට 31 හැවිරිදි වියේ පසුවු විත්තිකරු පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටියදී හමුවූ මීගමුව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති බව මහාධිකරණ නඩු විභාගයේදී හෙළි වී ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඩුල්ල ප්‍රේම සබඳතාවක් ඇති කරගත් ජාත්‍යන්තර පාසල් ගුරුවරිය විවාහ කර ගැනීමේ අරමුණින් විත්තිකරු තම බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කර ඇති බව මහාධිකරණ නඩු විභාගයේදී අනාවරණය වී ඇතැයිද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ අවජාතකයාට විතරයි සුදුසුම තීන්දුව ලැබුනේ . අවුරුදු 13කට පස්සේ ඔයා මට විහිළු කරනවා. දන්නා පුද්ගලයෙකු ලෙස මෙම පුද්ගලයාට පෞද්ගලිකව අවශ්‍ය වන්නේ දිගු කලක් බලා සිටි විවේකයකින් පසු ශ්‍රී ලංකාවේ අගනුවර දණ්ඩනයට මුහුණ දෙන පළමු පුද්ගලයා මෙම පුද්ගලයා වීමයි.
මෝඩකම දික්කසාදයක් අරන් එයි වගේ උන්නම ඉවරනේ .පව් අහිංසක ජීවිත
මේ අමානුෂික අපරාධයට හේතු වූ කාන්තාවටත් දඩුවමක් දියහැකි නම් එය ඉතා කාලෝචිත බව කිව යුතුය.
කාමයෙන් අන්ධ වුණාම වෙන විනාශ කොහොමද ? සාමාන්‍ය විදිහට බැලුවම පෝරකයට ගියා කියලයි පෙනෙන්නෙ. නමුත් කල්ප කාලයක් මොහු දුගතියේ.
ධර්මද්වීපය නම් මේ උතුම් පින් බිමේ මිනිසත් බවක්, අංග සම්පූර්ණ මිනිසත් බවක් උතුම් ශ්‍රී සද්ධර්ම ජීවමාන කාලයේ ලබන්න තරම් වාසනාවන්ත වෙලා අතිදීර්ඝ කාලයකට නිරයේ දොරගුලු විවර කරගත් මෝඩ මිනිසෙක්.
ඔය සිද්ධිය වුණු කාලයේ මා කියවූ ප්‍රවෘත්ති හා නඩු විභාගයේ සාක්ෂි අනුව, මෙම තරුණිය ඔහු හා ප්‍රේම සම්බන්ධය ඇතිකරගෙන ඇත්තේ ඔහු තමා අවිවාහකයකු ලෙස හඟවා, ඇය රවටා ඇති නිසායි. ඇය සත්‍යය දැනගෙන ඇත්තේ මෙම අපරාධය සිදුවූ පසුවයි. ඒ නිසා, ඇයට දොස් පැවරීම වැරැදියි...