IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රනිල් පෙත්සමක වගඋත්තරකරුවකු කරන්න අවසර ලැබෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

විරෝධතා ව්‍යාපාරයට පොලිසියෙන් පහරදීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කළ බවට සමාජවාදී තරුණ සංගමය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණය අද (22) අවසර දුන්නේය.

විරෝධතා ව්‍යාපාරයට පොලිසියෙන් පහරදීමෙන් සමාජවාදී තරුණ සංගමයේ මුලික අයිතිවාසිකම් කඩ කළ බවට පවරා ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිපතිවරයා නම් කිරීමට අවශ්‍ය බවට පෙත්සමකරුවන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින් පෙත්සම සංශෝධනය කිරීමටද ශ්‍රෙෂ්ඨාධිකරණය අවසර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුන් මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.

සමාජවාදී තරුණ සංගමයේ කමිටු සාමාජිකයකු වන මහේෂ් ඉඳුනිල් මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කුරුදුවත්ත, මරදාන සහ කොම්පඤ්ඤවීදිය පොලීස්ථාන වල ස්ථානාධිපතිවරු ඇතුළු පිරිසක් නම් කර ඇත.

රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලට එරෙහිව පසුගිය සැප්තැම්බර් 27 වැනිදා කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ බවත එම විරෝධතා ව්‍යාපාරයට පොලිසිය පහරදී විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වු විරෝධකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් සඟන් කරන පෙත්සම්කාර මහේෂ් ඉඳුනිල් මහතා ඉන් සිව්දෙනෙකු පොලිස් ඇප මත මුදාහළ බවත් දෙදෙනෙකු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ පසු ඇප මත මුදාහළ බවත් සඳහන් කර ඇත.

අධි ආරක්ෂිත කලාපයට නීති විරෝධී අන්දමින් ඇතුල් වු බව පවසමින් පොලිසිය තම සංවිධානයේ සාමාජිකයන් අත්අඩංගුවට ගත් බවත් අදාල අධිආරක්ෂිත කලාපය පිහිටුවා ඇත්තේ නීතියට පටහැනිව වන හෙයින් පොලිසිය සඳහන් කරන කරුණු වල සත්‍යතාවයක් නොමැති බවත් ස`ඳහන් කරන පෙත්සම්කාර මහේෂ් ඉඳුනිල් මහතා මෙම තත්ත්වය තුළ තමන්ගේ සහ තම සාමාජිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද සඳහන් කර ඇත.

 



අදහස් (2)

රනිල් පෙත්සමක වගඋත්තරකරුවකු කරන්න අවසර ලැබෙයි

රම්බොඩ Tuesday, 22 October 2024 05:57 PM

මෙයාලට ඕන බංග්ලාදේශයක් කරන්න අපේ රටත්.

:       15       47

sam Wednesday, 23 October 2024 08:47 AM

මේ සූත්තර පුංචා උඩින් හොඳට හිනාවෙලා යටින් දරුණු අංචි අදින ජරා පප්පා .රටටවත් ජනතාවටවත් කිසිම වැඩක් නැති මිනිහෙක්

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site