IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැරදුණ වෙඩිල්ලෙන් ගොවියාට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ වෙඩි තැබීමේ පුහුණුවක්  අතරතුරදී  එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද එම ප්‍රදේශයේ පුද්ගලයෙක් රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ ගෝනපොල  කුඹුක උතුර  ප්‍රදේශයේ  36 හැවිරිදි පුද්ගලයකුට ය.

එම පුද්ගලයා කුඹුක සමරනායකපුර අලූත් පාර  කුඹුරුයායේ පියා සහ සහෝදරයා සමඟ ගොවිතැන් කටයුතුවල යෙදී සිටියදී  එකවරම ඔහුගේ වම් අතේ මාපට ඇඟිල්ල සහ දඹරගිල්ල අතර මෙන්ම දකුණු අතේ උරහිස් ප්‍රදේශයද තුවාල සිදුවී ඇති අතර අකුණක් වැදුණු බවට සිතා පියා සහ සහෝදරයා විසින්  ඔහුව හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසෙයි.

පුද්ගලයාගේ අත එක්ස්රේ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ටී 56 උණ්ඩයක් අත තුළ රැඳී තිබෙන අයුරු නිරීක්ෂණය වී ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව ශල්‍ය කර්මයකට ලක්කර එම උණ්ඩය පිටතට ගෙන ප්‍රතිකාර සඳහා යොමු කළ බව ප්‍රකාශකයෙකු පැවසීය.



අදහස් (0)

වැරදුණ වෙඩිල්ලෙන් ගොවියාට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site