IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලය හිතුමතේ පඩි ගෙවලා

 (සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අතිකාල හා දීමනා ගෙවා ඇත්තේ  ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් කාලය සනාථ කර ගැනීමෙන් තොරව බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

රුපියල් ලක්ෂ තිහකට වැඩි අතිකාල දීමනා එසේ ගෙවා තිබිණැයි පැවසේ.

රාජකාරී වෙලාවෙන් පසුව වේලාව පදනම් කරගනිමින් ගෙවනු ලබන අතිකාල හා  දීමනා සඳහා කාලය පදනම් කරගන්නේ නම් එම කාලය ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් තහවුරු කර ගතයුතු බව 2009  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන්වේ.

මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ  අභ්‍යන්තර විගණන කර්තව්‍ය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ

මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (8)

පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලය හිතුමතේ පඩි ගෙවලා

යෝගා Tuesday, 22 October 2024 07:15 PM

උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු ක්‍රමයට ගෙවලා තියෙන්නේ. මෙයා ජනාධිපතිකමට තියා තේ කඩයක, ගොවිතැනටවත් සුදුසු නෑ.

:       20       69

ravin Tuesday, 22 October 2024 07:36 PM

විනයක් නැති පාලනයකින් පෙට්ටි කඩයක්වත් දියුණු කළ හැකිද?

:       14       59

වික්‍රම විදුර Tuesday, 22 October 2024 08:03 PM

හොරු මහන්සියනේ හම්බ කරපුවා නෙමෙනේ.. ඒකයි.

:       14       49

Nimal 1 Wednesday, 23 October 2024 02:41 AM

ඩෙන්මාර්ක් ඔහොම නම් මේ අයට බලය ලැබුණොත් කොහොම තියෙයිද?

:       0       3

Chinthaka Wednesday, 23 October 2024 10:10 AM

නෝනගේ සැලුන් එකේ වැඩටත් රජයේ සේවකයෝ දැම්මා , කොහොමද මෙයා නිකමටවත් ජනාධිපති වුනානම්

:       2       10

සුරෛන් Wednesday, 23 October 2024 10:16 AM

පාර්ලිමේන්තු විපක්ශ නායක කර්‍යයාලය රජයේ ආයතනයකි. එහි පරිපාලනය සිදුවන්නෙ පාර්ලිමේන්තු කටයුතු කාර්‍යමන්ඩලයෙන් මිස විපක්ශනායක නොවෙයි. ඒ ගැනවත් නොදන්න අයගෙ මෙහි පල කර ඇති අදහස් වලින් පෙනෙන්නේ හැමදේම දේශපාලනයට ගාව ගෙන මඩ ගැසිම නොවේද

:       7       19

දිමුත් Wednesday, 23 October 2024 11:40 AM

පොඩි කාර්යාලයක්වත් කරගන්න බැරුවද බං මේ රටක් කරන්න ඉල්ලන්නේ? 

:       5       9

Athula Wednesday, 23 October 2024 01:02 PM

මෙහෙම අය තමයි රට ගොඩ ගන්න එනවා කියලා බෙරිහන් දෙන්නේ. යකෝ පළමුව ආදර්ශයක් දෙන්න ඕනේ නැද්ද?

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site