IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජොන්ස්ටන් හෙට සී.අයි.ඩියට

(මනෝප්‍රිය ගුණසේකර)

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාලව හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් දීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම විමර්ශනයට අදාළව ජෝන්ස්ටන් ප්‍රනාන්දු නමැත්තා ප්‍රකාශයක් දීම අත්‍යවශ්‍ය බවත් ඔහු වරදක් කර අද්ද? නැත්නම් නිර්දෝෂී පුද්ගලයෙක්ද? යන්න පොලිසියට තීන්දු කළ හැක්කේ ඔහු ප්‍රකාශයක් ලබා දුන්නොත් පමණක් බව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා පෙන්වා දුන් අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගේ මහතා ඒ බවට පොරොනන්දු විය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන්රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගේ මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තම සේවාදායකයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇතැයි කීය.

 



අදහස් (7)

ජොන්ස්ටන් හෙට සී.අයි.ඩියට

sunil Tuesday, 22 October 2024 05:49 PM

මම දන්නේ නැහැ. මට මතක නැහැ.

:       0       11

sachith Tuesday, 22 October 2024 06:10 PM

හෙට ජොන්ස්ටන් අසනීප වෙනවා, ණයෙක් කනවා, කපුටෙක් වහනවා. මේවායින් එකක් කියලා කුරුණෑගල රාජසභා මණ්ඩපේ කඩන්න අවසර දින ගන්න.

:       0       15

Asela Tuesday, 22 October 2024 08:06 PM

යන්නකෝ, ගිහින්..................අනේ මන්දා?

:       1       6

පිටිගල මිලානෝ Tuesday, 22 October 2024 08:54 PM

අංක එක පැමිණෙන්න ඉදිරියට.

:       0       13

බද්‍රාණි Wednesday, 23 October 2024 08:22 AM

අන්ඩක් කඩල එල්ලුව නම් හරි අනිත් අයටත් පෙන්න. අර සමිතගෙ පුතත් ඉන්නවනෙ.

:       0       2

Lopsi Wednesday, 23 October 2024 09:23 AM

සමිතට දුන්නු තැග්ගක් නේ?

:       0       2

Prasanna Wednesday, 23 October 2024 11:43 AM

නියමයි .හෙට බඩු මිල අඩු වේවි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site