තැපැල් ඡන්දෙට දින තුනක් මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රධ භාවිතා කිරීම සැප්තැම්බර් මස 04 05 සහ 06 දිනවල සිදුකරන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි. 14 August 2024
අධිවේගයේ පෙරැලුණු වෑන් රියට යටවී දැරිය මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 74.දශම 2 ඇල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී එයට යට වීමෙන් කුඩා දැරියක මියගොස් තවත් කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් කීප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 14 August 2024
නිධන් සෙව් 4ක් අත්අඩංගුවට ගල්නෑවේ වී මෝලක් අසල පිරිසක් නිධන් හාරන බවට ලැබුණු තොරතුරකට අනුව, පෞද්ගලික ඉඩමක බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු, එම කැණීම සඳහා භාවිතා කල උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. 14 August 2024
ලෝක සරසවි එක්ක අත්වැල් බැඳ ගන්න යයි ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා /සහයෝගීතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 August 2024
ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙක් රෝහලේ අධිකරණ නියෝගක් මත කඩමින් සිටි ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටිමෙන් එම ස්ථානයේ සේවය කරමින් සිටි දෙදෙනකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි. 14 August 2024
පොදුජන එක්සත් පෙරමුණට නව නායකයෙක් පොදුජන එක්සත් පෙරමුණේ නව නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කළ බව එම පක්ෂය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය. 14 August 2024
ජනක රත්නායක ඇප තියයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කෙරිණ 14 August 2024
වන අලි නගරයට පැමිණීමෙන් දඹුල්ල-සීගීරිය ප්‍රශ්න රැසක් වන අලි ගැටලුව හේතුවෙන් දඹුල්ල හා සීගිරිය සංචාරක ප්‍රදේශ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇතැයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා පවසයි. 14 August 2024
ජපන් අග්‍රාමාත්‍ය කිෂිඩා ධුරයෙන් සමුගන්න සූදානම් පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද තමන් ඉවත් වීමට තීරණය කළ බව ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ටෝකියෝ අගනුවර දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. 14 August 2024
නාමල් - විජයදාස - දිලිත් නාම යෝජනා අත්සන් තබති ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයෝ සිය නාම යෝජනා පත්රවලට අද (14) අත්සන් තැබූහ. 14 August 2024
ඔලිම්පික් ගිය පිරිස සෝදිසියට දකුණු කොරියා බලු සුරතලෙක් ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වී ආපසු දකුණු කොරියාවට ආ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ඔලිම්පික් කණ්ඩායමේ ගමන් මලු ඇතුළු බඩු බාහිරාදිය, සෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී සෝදිසි කිරීමකට ලක් කෙරුණි. 14 August 2024
ඇටෙන් පොත්තෙන් ආ ගමන් ගිනි අවිය ගෙන පොලිස් දැලේ නිතී විරෝධිව මෙරට නිෂ්පාදිත බෝර දොළහේ පතුරොම් තුවක්කුවක් රැගෙන දඩයමේ යමින් සිටි 17 හැවිරිදි සිසුවෙක් ඇහැටුවාගමදි අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 14 August 2024
ටයිකොන්ඩෝ ශූරයෝ කටුනායකට මැලේසියාවේ පැවති 16 වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එහිදී රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 14 August 2024
වේගයෙන් ආ මෝටර් රියක් වෙළඳසැලේ නවතී නුවරඑළියේ සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවන වු මොටර් රථයක් හැටන් කොටගල නගරයෙදි වෙළදසැලක් තුලට කඩා වැදිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් රියදුරා තුවාල ලබා කොටගල ප්‍රදේශිය රොහල වෙත ඇතුලත් කළ බව දිඹුලපතන පොලීසිය කියයි. 14 August 2024
දෙපිරිසක ගැටුමෙන් බෝට්ටු තුනක් අළු වෙයි යාපනය සෙන්දන්කුලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එම වෙරළ තිරයේ නවතා තිබු ධිවර බෝට්ටු 03 කට ගිනි තබා විනාශ කර ඇති බව ඉලවාලෙයි පොලිසිය සඳහන් කරයි. 14 August 2024
නාමල් ඇප තියයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) පෙරවරුවේ සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 14 August 2024
කිතුල්ගල අලුත් කරන්න යයි පින්නවල කිතුල්ගල සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 August 2024
සිසු ගැටුමෙන් සිසුවෙක් රෝහලේ අම්පාර ලංගම ඩිපෝව ඉදිරිපිට බස්නැවතුම්පොල අසල දී අම්පාර නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුට, එම විද්‍යාලයේම සිසුන් පිරිසක් කළ පහරදීමකින් තුවාල ලැබූ සිසුවා අම්පාර මහ රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය කියයි. 14 August 2024
ලක්ෂ 40 ක මත්ද්‍රව්‍ය -ජීව උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගොත අසංඛ නැමැත්තාට අයත් ගිනි අවි ගබඩාව සිය නිවසේ රහසිගතව පවත්වාගෙන යමින් මත් ද්‍රව්‍ය ජාවාරම ද සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර මූලස්ථානයේ සැකකාර නියාමකවරයා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ජාවාරමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 14 August 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 August 2024
අලුත් ජල පනත පාර්ලිමේන්තුවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 August 2024
කෙහෙළිය - සනත් ඇමැති නිල නිවාස තවම බාරදී නෑ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අැමති කෙහෙළිය රඹුක්වැල්ල සහ රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස පාවිච්චි කළ කොළඹ නිල නිවාස දෙක තවදුරටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට පාවිච්චි කිරීමට රජය අවසර දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 14 August 2024
පිටකොටුවේ බිස්නස් බැහැලා පිටකොටුව තොග වෙළෙදපොළේ දෛනික වෙළෙදාම මේ වනවිට සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයකින් පහළ බැස ඇතැයි තොග වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි. 14 August 2024
නුවරඑළියේ ජන්ද මධ්‍යස්ථානයක් අවන්හලකට කුලියට දීලා මැතිවරණ ඉතාහාසයේ සිටම ඡන්ද මධ්‍යස්ථානයක ලෙස යොදා ගත් නුවරඑළිය රජයේ සේවකයන්ගේ ක්‍රීඩා සමාජ ශාලාව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අවන්හලකට සඳහා බදු දීම නිසා මෙවර ඡන්දය මධ්‍යස්ථානයක් අහිමී වී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි. 14 August 2024
ඩිෆෙන්ඩරයක් හෙළකට පෙරැළෙයි :අයෙක් රෝහලේ දඹුල්ල බකමූණ මාර්ගයේ 14 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී ඩිෆෙන්ඩරයක් මාර්ගයෙන් ඉවතට පැන හෙළකට පෙරැළී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයකු දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ. 13 August 2024
තැපැල් ඡන්ද ලකුණු කිරීමට දින 4 ක් ? ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී තිබේ. 13 August 2024
විසක් කාන්දු වී දෙදෙනෙක් මරුට මාලඹේ කහන්තොට පාර ජයන්ති මාවත නිවසක් තුළ දී විස වායුවක් කාන්දු වීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි. 13 August 2024
සායනයට ආ තිදරු මව බසයට බිළි තංගල්ල මූලික රෝහලේ පැවති වෛද්‍ය සායනයකින් ප්‍රතිකාර ලබා නිවසට යාමට තංගල්ල මහවෙල පාරේ රෝහල් හන්දිය අසලින් පාර මාරුවීමට තැත් කළ කාන්තාවක් අද (13) සවස 4 ට පමණ ලංගම බස් රථයක හැපී මිය ගිය බව තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය . 13 August 2024
කළුතර මාතෘ සහ ළමා රෝහලේ ගිනි බියකින් කලබලයක් කළුතර මාතෘ සහ ළමා රෝහලේ ගිනි ආරක්ෂක සංඥා පද්ධතිය අද (13) රාත්‍රි ක්‍රියාත්මක වීමෙන් රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ගිනි බියකින් කලබලයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 13 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026