
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ තවත් ප්‍රධානීන් තිදෙනෙකුගේ ඉදිරි දිනවල ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානීන් තිදෙනෙකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරෙනු ඇත.
මේ අතර එම වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු කරන සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න කුමාරසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.
සභානායක කාර්යාලයෙන් ඒවා තිබූ ලිපියක අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය පැහැදිලිව සඳහන්ව තිබූ බව කුමාරසිංහ මහතා ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
එම ලිපිය සභානායක කාර්යාලයට එවා ඇතැයි පැවසෙන්නේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙනි.
ඒ අනුව එම කාර්යාල දෙකේ ප්‍රධානීන් තිදෙනෙකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරෙනු ඇත.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් එලෙස ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් සුදර්ශන නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් කළේය.
එම දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ ඒ අනුවය.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් පසුගිය 20වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ අදාළ සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළහ
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට
pj Tuesday, 31 December 2024 04:37 AM
පිස්සු නැත්නම් ෂෝක්.......
අමා Tuesday, 31 December 2024 08:38 AM
මොනවා වුණත් කමක්නෑ, අවසානේ නවතින තැන, ප්‍රසිද්ධියේ කියන්න ඕන.
Sriyal Tuesday, 31 December 2024 09:09 AM
රටේ පවතින ලොකුම ප්‍රශ්නය මේකයි
බණ්ඩා Tuesday, 31 December 2024 09:59 AM
ආණ්ඩුව ඇතුලේම නාගෙන වගේ .....