IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලංකාව ලස්සන ගමනාන්තයක් කරන්න වහා වැඩ අරඹන්න

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

"Clean Sri Lanka" වැඩපිළිවෙළ යථාවත් කිරීම මගින්  සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාල කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා මෙම අදහස් පළ කළේ,  ජනාධිපති කාර්යාලයේ අද (30)  පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

පාරිසරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත්, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී විධිමත් හා අවිධිමත් අංශයන්හි සියලුම පාර්ශ්වකරුවන් එක් කර ගැනීමටත් මෙහිදී අවධානය යොමු විය.

බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි,සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්, වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (5)

ලංකාව ලස්සන ගමනාන්තයක් කරන්න වහා වැඩ අරඹන්න

Chathura Dolahamuna Monday, 30 December 2024 10:21 PM

අංක එක, මිනිස්සුන්ට තැනකට ගිහින් අපවිත්‍ර නොකර සංවරව හැසිරෙන්න උගන්වන. ඒකෙන්ම අපේ රට ගොඩාක් ලස්සන වෙයි. ගියොත් තැනක් විනාශ කරලා එන්න තමයි පුරැදු වෙලා ඉන්නේ.

:       0       0

Ajith Tuesday, 31 December 2024 04:49 AM

ගුවන් තොටුපල හරියට හදන්න. අතුලත සහ පිටත සිටින මැරයන් ඡාවාරම් කරුවන් ඉවත් කරන්න.

:       1       1

pj Tuesday, 31 December 2024 04:54 AM

මේ නඩය අත ගැසුවොත් ඒතැන අවුලක් ෂුවර්.... ඒ නිසා තිබෙන විදිහටම තිබෙන්න හරින්න...රටට ඒ ඇති...

:       3       2

රසික Tuesday, 31 December 2024 06:25 AM

සුන්දර කඳුමුඳුන් මත ආගමික ස්ථාන හැදීම නතර කරන්න. ලවුඩ්ස්පීකර් දාගෙන පරිසරයේ සුන්දරත්වයත් නිශ්ශබ්දතාවයත් වනසනවා.. සල්ලිම හම්බු කිරීම තමා එව්වයෙ අරමුණ .. උදා :- ඇල්ල කුඹල් ඔළුව

:       0       6

Mohamed Tuesday, 31 December 2024 08:28 AM

පිරිසිදු ඉන්දියාව වගේ පිරිසිදු ශ්‍රි ලංකා .. නරේන්ද්‍ර මෝදිගේ අදහසක්

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site