
(නිමල් ජයරත්න)
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර තිහේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික සහල් ලොරියක් සහ බුලත් ලොරික් අද සවස මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින්, බුලත් ලොරියේ ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.
සිංහපුර මාර්ගයේ පහතට නැමී ඇති ගස්වල අතු මගහැර ගමන් කිරීමට උත්සාහ දරූ සහල් ලොරිය ඉදිරියෙන් පැමිණි බුලත් ලොරියේ ගැටීමෙන් පසු ලොරි රථ දෙකම ලිස්සා ඇති බවද ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
සිංහපුර පෞද්ගලික සහල් මෝලකින් සහල් පටවාගෙන පොළොන්නරු දක්වා ගමන් කරමින් සිටියදී පොළොන්නරුවේ සිට සිංහපුර දක්වා බුලත් ප්‍රවාහනය කරමින් තිබු ලොරියක ගැටී මෙම අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd