IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රුපියල් 6000ක් බැංකු ගිණුමට

(යොහාන් භාසුර)

අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා දෙන රුපියල් 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට යොමුකළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම මුදල් පසුගිය සිකුරාදා බැංකුවට යොමු කළ බවත් ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකින් හෙළවී ඇතිති බවත් එම අමාත්‍යාංශය සදහන් කරයි.

බලපෑමට ලක්වූ ළමුන් අතරින්  සියයට 53.2ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවත් සියයට 26.1ක් පෙර භාවිතා කළ පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බවත් එම සමීක්ෂණ ප්‍රතිඵලයෙන් අනාවරණය වී තිබේ. 

එලෙස අවදානමට ලක්වූ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණින් ලබන වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව අස්වැසුම පවුල්වල දරුවන්ට මෙම රුපියල් 6000ක දීමනාව දීමට තීරණය කළේය. 



අදහස් (3)

පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රුපියල් 6000ක් බැංකු ගිණුමට

ගනේ ගමගේ ඉශානි ලක්ෂිකා Monday, 30 December 2024 06:36 PM

අස්වැසුම නැති අපේ දරුවන්ටත් ඒ දීමනාව දෙන්න.. අපිටත් කිසිම ආදායම් මාර්ගයක් නැත.

:       3       20

FreemanHAT Tuesday, 31 December 2024 02:55 AM

බොරු වැඩ නොකර ලිපි ද්‍රව්‍ය වලට පැනවූ VAT බද්ද ඉවත් කරන්න. හැම දරැවෙක් වෙනුවෙන්ම.

:       0       2

Lalla Tuesday, 31 December 2024 08:07 AM

පොහොර සහනාධාරය වගේම අපතේ යන මහජන බදු මුදල්...කසිප්පු ගංජා කුඩු ගහන්න නිකමුන්ට දෙන සල්ලි.මේක ජාතික අපරාධයක්..... විමර්ශනය කර තත්ත්වය හොයල බලන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 525 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17227 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 695 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site