
(යොහාන් භාසුර)
අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා දෙන රුපියල් 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට යොමුකළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම මුදල් පසුගිය සිකුරාදා බැංකුවට යොමු කළ බවත් ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකින් හෙළවී ඇතිති බවත් එම අමාත්‍යාංශය සදහන් කරයි.
බලපෑමට ලක්වූ ළමුන් අතරින් සියයට 53.2ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවත් සියයට 26.1ක් පෙර භාවිතා කළ පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බවත් එම සමීක්ෂණ ප්‍රතිඵලයෙන් අනාවරණය වී තිබේ.
එලෙස අවදානමට ලක්වූ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණින් ලබන වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව අස්වැසුම පවුල්වල දරුවන්ට මෙම රුපියල් 6000ක දීමනාව දීමට තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වැසුම නැති අපේ දරුවන්ටත් ඒ දීමනාව දෙන්න.. අපිටත් කිසිම ආදායම් මාර්ගයක් නැත.
බොරු වැඩ නොකර ලිපි ද්‍රව්‍ය වලට පැනවූ VAT බද්ද ඉවත් කරන්න. හැම දරැවෙක් වෙනුවෙන්ම.
පොහොර සහනාධාරය වගේම අපතේ යන මහජන බදු මුදල්...කසිප්පු ගංජා කුඩු ගහන්න නිකමුන්ට දෙන සල්ලි.මේක ජාතික අපරාධයක්..... විමර්ශනය කර තත්ත්වය හොයල බලන්න..