බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි. 30 September 2024
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 30 September 2024
විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ද සමග අද (30 ) අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් සමත් වී සිටිති . 30 September 2024
අත අහිමි දැරියට අලුත් අතක් මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැනැත්තිය අනම්තා අහ්මද් නමැති මෙම දැරිය බවත් විදෙස් මාධ්‍ය පවසයි. 30 September 2024
අදත් තැනින් තැන වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 September 2024
හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක පැති කන්නාඩි ගැටීමෙන් ඇතිවුණු ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් වී ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි. 30 September 2024
පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තොටුපල පාරේ ගමන්කල ලොරි රථයකට සිදුකළ වෙඩිතැබීමකදී මෙසේ තුවාල ලබා ඇති බව වාර්ථාවේ. 30 September 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 30 September 2024
ඊශ්‍රායලයෙන් යේමනයට ප්‍රහාර යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළේය. 30 September 2024
පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක් ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර ඇත. 29 September 2024
‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘ ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 29 September 2024
ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තවත් දැඩි කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 29 September 2024
මැති ඇමැති ආරක්ෂක ගිනි අවි යළි ගනී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අවිය ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇත. 29 September 2024
අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් තාඔුගල මහතා තමන් එලෙස උපයා ගත් ධනය සමහර දේශපාලඥයන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑවේ යැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ පැවසීය. 29 September 2024
ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 29 September 2024
පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධයෙන් සෙවීමට පත් කළ විද්වත් කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි අධ්‍යාපන විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි. 29 September 2024
යුද හමුදා ධජයන්ට සෙත් පතයි හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුකෙරුණි. 29 September 2024
මෙවර සාපෙළ විශිෂ්ටයෝ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග සමත්ව සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 29 September 2024
නව සඳ අද සිට අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි. 29 September 2024
සනත් වසරකට පත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 29 September 2024
කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක් මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි. 29 September 2024
’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’ ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 29 September 2024
ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 29 September 2024
පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 29 September 2024
ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයේ ‘ඔම්බුඩ්ස්මන්වරයාට’ නිල වශයෙන් පැමිණිළි කළ ද ඒ පිළිබඳව කටයුතු නොකළ බවට හිටපු රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පවසයි. 29 September 2024
පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 29 September 2024
බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය. 29 September 2024
පාලන මිලට සහල් දෙන්න බෑ සහල් පාලන මිලට ලබා දෙන බවට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ හාල් කර්මාන්ත කරුවන් ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා බිඳ වැටීමේ අවදානමක් උද්ගත වී ඇතැයි ද ඔහුගේ එම ප්‍රකාශයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බව ද සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ හිටපු සභාපති සහ මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බී.කේ . රංජිත් මහතා පැවසීය . 29 September 2024
රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි. 29 September 2024
යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි. 29 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026