
( ටී.කේ.ජී.කපිල )
වෙඩි තැබීම් , මනුෂ්‍ය ඝාතන , මුදල් වංචා පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී , ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව , රතු නිවේදන නිකුත් කර , එරට දී අත් අඩංගුවට ගෙන , පිටුවහල් කර අද (20 )අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මොවුන් අතරින් එක් අයෙකු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු සහ .
අනෙක් පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි. . මොවුන් දෙදෙනා අද දින අලුයම 01.40 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන මොවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තමයි ජාතික ආරක්ෂාව කියන්නෙ
මරපු ගාණ 10ට අඩු නම් නිදහස් කරන්න. 10ට වඩා වැඩි නම් අවුරුද්දක් තියන්න ඇතුලේ...