IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සංජීවට වෙඩිතැබීමේ සිද්ධියේ කාන්තාව සොයාදෙන්නාට මුදලින් තෑගි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පත්මා කුමාරි කංකානම්ගේ)

කෙසෙල්වත්ත පොලිස් වසමේ   අලුත් කඩේ අංක පහ අධිකරණ ශාලාව තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමර රත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකාර කාන්තාව හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

අංක 243/01 මීගමුව පාර ජයමාවත , කටු වැල්ලේ ගමපදිංචි පිං පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමැති 25 හැවිරිදි  එම කාන්තාවගේ ජාතික හැඳුනුම්පත් අංකය 995892480v බව පොලිසිය කියයි.

සැකකාරිය පිළිබඳ සාර්ථක තොරතුරක් ලබා දෙන අයකුට පොලිස් ත්‍යාග මුදලින් තෑග්ගයක් පිරිනැමීමට වැඩ බලන පොලිස්පති. ප්‍රියන්ත වීරසූරිය  මහතා තීරණය කර ඇත. එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය  ආරක්ෂා කිරීමටද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇතැයි ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ගේ 0718591727 හෝ කොළඹ අපරාධ කොට්ඨාසයේ  ස්ථානාධිපති 0718591735 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දන්වා සිටී

 



අදහස් (4)

සංජීවට වෙඩිතැබීමේ සිද්ධියේ කාන්තාව සොයාදෙන්නාට මුදලින් තෑගි

Kamal Koyrala Thursday, 20 February 2025 01:43 PM

සියලු සිදුවීම් අවසානයේ සැකකරුවන් සම්බන්ධව පොලිසිය ඔවුන්ගේ සියලු තොරතුරු ජනතාවටත් කලින් දැනගෙන cctv දැක්ක ගමන් නම ගම වාසගම ලිපිනය පෙර වැරදි සියල්ලම දන්නවා .ජනතාවගෙන් අහන්නේ මොකටද

:       0       16

රංජිත් Thursday, 20 February 2025 02:01 PM

දෙන ගානත් කිව්වා නම් තමයි හොඳ.. නැත්තං ඔත්තුව දීලා ඇල්ලුවට පස්සේ රුපියල් 100ක් දීලා ගෙදර පලයං කිව්වොත් අතින් කාලා එන්න වෙන්නේ...

:       1       24

නිහාල් Friday, 21 February 2025 05:10 AM

ඔත්තුව දුන් එකා කුදලගෙන යයි ද දන්නේ නෑ සමිප සබදතා නැත්නම් ඔත්තු දෙන්නේ කොහොමද කියලා.

:       0       0

Eranga Friday, 21 February 2025 08:37 AM

බැංකු වුණත් අරන් යන්ඩ ඕනේ කවුරු ගාවටද කියලා හිතාගන්ඩ බෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site