(රෝෂන් තුෂාර)
මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුවේ සිටියදී වෙඩිවැදී මිය ගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ හදවත පසාරු කරගෙන ශරීරයට ඇතුළු වූ උණ්ඩයක මූණිස්සම් කොටසක් රජයේ රස පරීක්ෂකවරයා විසින් විවෘත අධිකරණයේ තිබියදී අද(20) සොයා ගන්නා ලදී.
සංජීව රැඳී සිටි විත්ති කූඩුවේ ලී කණුවක අඟල් එකහමාරක් පමණ ඇතුළට කිඳා බැස තිබූ මූණිස්සම් කොටස පොලිස් නිලධාරීන් විසින් කණුව සිදුරු කර ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජ රස පරීක්‍ෂක කාර්යාලයට රැගෙන ගියේය.
මෙම මූණිස්සම් කොටස සාක්ෂි අංක හතර ලෙසද නම් කෙරිණි.
අධිකරණ ශාලාව තුළ තවදුරටත් විමර්ශන සිදුකරන බව කෙසෙල් වත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනීමැරුමට කෝටි ගාණක් වියදම් කරලා ලොකු ප්ලෑන් එකක් කරලා තියනවා. මෙතැන හොයන්න ඕනේ Skype වලින් මෙච්චර කල් නඩු ඇහුවා නම් කවුද මෙයාව උසාවි ගේන්න කිව්වේ කියලා. ඒ වගේම මුලිම්ම මෙයාව ගෙනිච්චි අංක 9 අධිකරණයේ නඩුකාරයා ආපු නැති නිසයි... අංක 5 අධිකරණයේ නඩුවට අරන් ගිහිං තියෙන්නේ කියලා news වලට කිව්වා. උසාවියට ගෙනාවේ විශේෂයෙන් අංක 9 අධිකරණයේ නඩුවට නම් ඇයි ඒ නඩුකාරයා ආවේ නැත්තේ කියලා හොයන්න ඕනේ. සමහර විට සම්බන්ධයක් නැතිව ඇති. නමුත් හොයන්න ඕනේ...