
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අලුත් කඩේ උසාවිය ඇතුළේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අලුත්කඩේ උසාවියේ මිනී මැරීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙනවා. අධිකරණයේ විශාලතම කාර්යභාරය ඉටුකරන විනිසුරුවන්ට යම් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.
සිවිල් පුරවැසියන්ටත් අනාරක්ෂිත බවක් ඇතිවී තිබෙනවා. මාධ්‍යවේදීන් මේ කරුණු වාර්තා කරනවා .ඔවුන්ද වාර්තා කිරීමේදී අනාරක්ෂිත බවක් ඇතිවී තිබෙනවා. උසාවි නියෝගයකින් චමුදිත නැමති මාධ්‍යවේදියාට ආරක්ෂාවක් ලබා දී තිබුණත් එය ඉවත් කර තිබෙනවා.සමස්ත ජනතාවගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු විය යුතුයි.
මේ ගැන විශේෂ පරීක්ෂණ පවත්වා නිසි පියවර ගන්න. මහජන නියෝජිතයන්ගේ ආරක්‍ෂාව ගැන වගකීම තිබෙන්නේ කතානායකවරයාටයි.අධිකරණ පද්ධතිය කඩා වැටුණු සමාජය බිඳ වැටීමට ලක්වෙනවා.විනිසුරවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන්න.ඔවුන්ගේ ආරක්ෂාව ඉවත් කරන්න එපා. යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මේ වගේ ඒවා වෙනකොට පුදුම සතුටින් ඉන්නේ. මුනේ හිනාව ලස්සනයි. අපිට පුදුම ආදරයක් තියෙන්නේ. බලයේ හිටියනම් පාතාලේ සින් සින් ගාලා නැති කරන්නේ.
ජාතික ආරක්ෂාව කියන එකේ නිර්වචනය ඉතා හොඳින් දන්නා අපේ විපක්ෂ නායකතුමා දිනෙන් දින දිනේවා!
ප්‍රශ්නයක් නම් කෙදිරිගගා ඉන්නේ නැතුව කියහන්කෝ විසඳුම අනුන්ගේ ප්‍රශ්න හොයන්න ඉස්සෙල්ලා උඹේ පක්ෂයේ ප්‍රශ්න විසඳලා ඉන්න
පාතාලයෝ එකෙක් දෙන්නෙක් කියන්නේ රටේ ජාතික ප්‍රශ්නයක් නෙවෙයි. ඔබතුමා පියානෝ රටේ ජාතික ආරක්ෂාව කූජීත කරනකොටත් අපිත් හිටියා. ඔබතුමාට මතක ද මන්දා... පොලිස් නිලධාරීන් 600 ගැනයි, ත්‍රස්තවාදීන්ට පියානෝ දීපු ආයුධ තොගය ගැන...!
ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති මේවගේ හුරතලෙක් ජනාධිපති වුණා නම් රටට දෙවියන්ගේම පිහිටයි. තාත්තා ජනාධිපති වුණේ නැතිනම් මෙයා පියන් වැඩක් කරගෙන ඉන්න කෙනෙක් විතරයි.
පියාණෝ ත්‍රස්තවාදීන්ට අවි-ආයුධ, මිල-මුදල් දෙනකොට, රාජපක්ෂ ජනපතිවරණේ දිනන්න ටිරාන් හරහා මුදල් දෙනකොට, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණේ නෑ නේද?
නැගෙනහිර ගැටුම් ප්‍රහාර සිදුවන කොට ඔබ කොහේද හිටියේ...?
තාත්තාගේ කාලේ මතක නැතුව ඇති පුතණ්ඩියාට...
අනේ හොඳට කාලා බීලා පොඩ්ඩක් රෙස්ට් කරන්න. එතකොට පියවි සිහියට එයි.
උස නම් සිකුරිටි මිටි නම් කම්කරු.. ඔහේට කොමිස් 5000 බැඳලා ආණ්ඩුවේ රස්සා දුන්නා නේද? අපේ බදු සලලි වලින් නේද ඒ හැතිකරේට තාම පඩි ගෙවන්නේ?
සොත්ති උපාලි කියලා කෙනෙක් හිටියේ නැහැ කියන්න පුතේ…!
අලුත්කඩේ මිනීමැරුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ කොහොමෙයි අපිට හිතෙන්නේ ඒක පතාලයටනම් තර්ජනයක් මිස ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියල පේන්නෙ නැහැ