
(අංජුල මහික වීරරත්න)
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 10ක සිසු සිසුවියන් 3266ක් සඳහා පාසල් පාවහන්, පොත් පත් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් අද(19)වන දා පැවැත්විණි.
අත්තනගල්ල අරහත්ත රජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් මෙම සත්කාරය සිදු කෙරිණි.
ජාතික සංහිඳියාව සහ සහජීවනය ඉහළ නැංවීම සඳහා ආදර්ශයක් සැපයීම මෙම වැඩසටහනේ අරමුණ වූ බව සංවිධායකයෝ පවසති.
මෙම අවස්ථාවට විදේශ ධර්ම ධූත පිරිසක් සහ හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා ද සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රිකා. ඔයාට. සල්වාරියට වැඩිය වෙන ඇදුමක්. තිබුනෙම නැත්ද. මේ ස්දහා ඇදගනයන්න මේවැනි දේවල්. කරන්න උවමනා කාලය දැන්. පහුවෙලා. මීට ගොඩක් ඉස්සරින් මේවා කෙරුවානම් මේ ගම්වැසියන් ටිකක් හෝ සැපක් විදිනවා. අක්කර ගනන් තියාගන වලව් කියලා ඒවා හදාගන ආඩම්බර කමින් ජිවත් වෙලා. දැන් වය්සෙන් හතරෙන් පන්ගුවෙන් ද්සමයක් තියෙද්දො තේරුම් ගන්නෙ. ඒවා බොරු දේවල් කියලා
එය සුහදශීලී ප්‍රකාශයක් ලෙස මම අගය කරමි.නමුත් කාන්තාව විශ්වාස කළ හැකි දේශපාලනඥයෙක් ලෙස විශ්වාස කළ නොහැකිය.
නාහිමියන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් .අනේ මන්දා බුදු දහමට අනුව නාහිමියන් ධනවත් විය හැකිද ?
කාලෙකට පස්සේ කිරිඇල්ල
ඒ සියළු ආධාර ලබාදුන් තායිවාන් බෞද්ධ දූත පිරිසට ප්‍රණාමය!
කවුරු කරත් ඉතාම හොඳ වැඩක්