
(ගයාන් සූරියආරච්චි සහ කේ බුද්ධික කුමාරසිරි)
කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනවලින් කෝටි ගණන් වටිනා වාහන කුලියට ගෙන ඒවා අලෙවිකර සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ පුද්ගලයෙක් සමග සුඛෝපභෝගී වාහන 45 ක් අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු විවිධ නම්වලින් පෙනී සිට ඇති අතර අතුරුගිරිය ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවෙසක රුපියල් ලක්ෂ එකහමාරක කුලී පදනම මත රැදී සිට ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු සැකකරු සහ වාහන අත්අඩංගුවට ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd