
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ , පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (19) දින පස්වරුවේ රැගෙන විත් තිබුණි .
මොවුන් අතරින් පළමු වැන්නා නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පළා යාම සදහා උදව් උපකාර කළ බවට සැළකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිදු සන්දීප ගුණසේකරය. ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
අනෙක් පුද්ගලයා මිනීමැරුම් , වෙඩි තැබීම් රාශියකටම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ චෝදනා ලබා සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද යන අයයි .
කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය කූඩු මිනීමැරුම් පාතාල සියල්ල නැතී කරන්න ඉක්මනින්