
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
තනි සිදුවීම් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස අර්ථ දැක්විය නොහැකි යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අධිකරණයේ වූ අවාසනාවන්ත සිදුවීම ගැන කණගාටුව පළ කරනවා.පසුගිය දින කිහිපය පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වාර්තා වුණා.මේ ගැන රජය බරපතල තීන්දු ගෙන තිබෙනවා.ඊයේ දිනයේ වෙඩි තැබීම කළ සැකකරු අඩංගුවට ගැනීමට හැකි වුණා.ඔහු මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් නැමති අයෙක්.විමර්ශන දිගින් දිගටම කරනවා.ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් එල්ල වී නැහැ. මේවා තැන තැන සිදුවන පාතාල ක්‍රියාකාරකම්.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන උදවියගේ කාලේ මාධ්‍ය ආයතන ගිනි ගත්තා. ඝාතනය වුණා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු තවත් ඝාතන කීපයකට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙනවා.තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දක්වන්න බෑ.
මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නට අප කටයුතු කරනවා.මේ සියල්ලක්ම විමර්ශනය කොට වැරදි වලට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගේනවා යැයි අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට දෙවියන්ගේ ම පිහිටයි....
හා හා ඔන්න අපි පිළිගත්තා එහෙනම්
දිනපතාම වගේ සිදු කරන මුග්ධ ප්‍රකාශ සහ අමනෝඥ ක්‍රියා කරනකොට ගෙන නොනවත්වා රෙද්දේ වසුරු ගලා යන මාලිමාණ්ඩුවටත්, එහි ඩෝබි මහත්ම මහත්මීන්ටත් අපගේ සාතිශය කණගාටුව පළ කරන අතර මාලිමාවන්ට අනුව "ජාතික ආරක්ෂාව" යනු මහ දවල් මිනී මැරීමත්, උසාවිය තුළදීම මිනිසුන් ඝාතනය වීමත් බව අපි අවබෝධ කර ගනිමු.
"ට්‍රම්ප් තුමා මත්ද්‍රව්‍ය කල්ලි ත්‍රස්තවාදී සංවිධාන කියලා නම් කරපු එකේ නියම ප්‍රයෝජනය මම- ජනතාව බුද්ධිමත් නායකයන් සිටී නම් ලංකාවටද අත්වේවායි එකත් පස්ව සිටී."
මෙයා බොරු උදාන වාක්‍යය කියෙව්වාට , කොන්ත්‍රාත් එක දුන්න එකාම ඔත්තුව දුන්නේ නැත්නම් වෙන්නෙ මොකද බලන්න තිබ්බ
මෙහෙම දෙයක් වෙලත් නරිවාදමයි සුපුරුදු කයිවාරුවයි අඩු වෙලා නැහැ ..විශේෂ ඝනයේ අපරාධකාරෙයෙක්ට උසාවි කූඩුව ඇතුලට ඇවිත් වෙඩි තියෙන එක ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි නම් එක පාර සීයක් දෙසීයක් කෙලවෙනකම් වෙන්න ඇති ඉන්නේ ..මෙහෙම ගොබ්බයෝ සෙට් එකකටනේ අපිත් රැවටූනේ..
මේ චෝදනා කරන්නේ පතාලේ අයට කිරිපොවපු, ඔවුන්ගෙන් වැඩ ගනිපු අය. පාතාලේ වැඩෙන්න ඇරලා දැන් කතාකරන්නේ මේ රජය ආවාට පස්සේ පාතාලේ පටන්ගත්තු ගානට...
පෝය දෙකකින් පාතාලය ඉවර කරනවා කියලා කිව්වේ පෙබරවාරි මාසේ 29 දාට යෙදෙන පෝය දෙකක් කියන එක. නැතිව මේ මාස දෙකක පෝය දෙකක් නොවේ. ඔහෙලා බැංකු අරන් ඇවිත් ඉඳගෙන හිටියා කියලා මේ අසරණ මිනිස්සු මොනවා කරන්නද?
අපෝ නෑ පිස්සුද, එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මෙයා ඊයේ ඇඳ යට හිටියේ බයට නෙමේ, මේ දවස් වල ටිකක් රස්නේ වැඩි නිසා...
ඒ වුණාට ඊයේ ඔයා පේන්නවත් හිටියේ නෑනේ මාමේ. පව් අර නියෝජ්‍ය ඇමැතියාට වාහනේ හොයා ගන්නත් බැරිවුණා. රටෙන්ම කුණු බැනුම් ඇහුවෙත් එයා...
කුඩු සහ පාතාලයට ක්ෂණික විසඳුම් අත්‍යාවශ්‍ය කරුණක්... රටට ගේන කුඩු සඳහා දිනකින් දෙකකින් මරණීය දඬුවම් ක්‍රියාත්මක කළා නම් පාතාලය 90%වලින් විතර සුද්ද කරන්න පුළුවන්... ආගම පැත්තකින් තියන්න ඕනේ වැඩේ කරන්න. කොන්ද කෙලින් තියාගන්න ඕනේ වැඩේ කරන්න.
දෙවන ගවපාලන සමය එළඹී ඇත.
දවස ගානේ පාරේ වෙඩි තියනව. ලමයි පවා මැරෙනව. මෙච්චර අායුද සහ මිනි් මරැවෝ එලියේ ඉන්න එකම රට. පෝන්න කතා නොකියා 89 වගේ මුන්ට ටයර් වල යවන්න.