හෝමුස් සන්ධිය වසා දැමීමෙන් ගෝලීය වෙළෙඳාමට අවදානමක්
ඉරානය, හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනා ගමනය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාම අඩපණ වීමේ විශාල අවදානමක් තිබෙන බවත් ඒ හේතුවෙන් ලෝකයේ ආහාර මිල ඉහළ යාමට සහ ජීවන වියදමට පීඩනයක් එල්ල වීමට හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව පසුගියදා අනතුරු ඇඟවූවේය.