ගංවතුරට කොටු වූ විදේශිකයන් 21ක් ගුවන් හමුදාව බේරාගනියි නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝනයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ඊයේ (1) සවස බේරා ගෙන කටුනායක ගුවන් හමුදා කදවුර වෙත බාර දුන් බව ගුවන් හමුදාව පවසයි. 02 December 2025
සජිත් පිටරටින් ආධාර ඉල්ලයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය. 02 December 2025
ගංවතුර අස්සේ ගෑස් සගවලා පවතින අර්බුදකාරී තත්ත්වය තුළ වෙළෙන්දෙකු සතුව ප්‍රමාණවත් තොග තිබියදීත්, ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් විකිණීම ප්‍රතික්ෂේප කරන බවට ලැබුණු පැමිණිලි අනුව, පාරිභෝගික කටයුතු අධිකාරියේ නුවරඑළිය නිලධාරීන් විසින් හැටන් දික්ඔය නගරයේ හදිසි වැටලීමක් ඊයේ (01) දින සිදුකරන ලදී. 02 December 2025
ශ්‍රී ලංකාවට ආධාර ගේන්න ඉන්දීය ගුවන් කලාපය පාකිස්තානයට ඇරේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වුණු ශ්‍රී ලංකාවට, ඉන්දීය ගුවන් කලාපය හරහා, ආධාර රැගෙන ඒමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පාකිස්තානයට අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 02 December 2025
කුකුල්ලු ලක්ෂ 15 ක් ගංවතුරට බිලි ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවල සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය. 02 December 2025
පාසල් අරඹන දිනයේ වෙනසක් නෑ නැවත පාසල් අරඹන දිනයේ වෙනසක් මෙතෙක් සිදු කර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. 02 December 2025
නාවලපිටියේ ගම් හුදකලා වෙලා නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඇතිවූ නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ගම්මාන කීපයක් තවමත් හුදකලාවී ඇතැයි වාර්තාවේ. 02 December 2025
කැලණි කළු මල්වතු ජලමට්ටම් පහළ බහී කැලණි ගඟේ ජල මට්ටම පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 02 December 2025
හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවා ගෲප් කපිතාන් නිලයට වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමු ගුවන් හමුදාපතිවරයා විසින් වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් නිලයට උසස් කරනු ලැබ ඇත. 02 December 2025
පස් කන්දට යට වූ එකම පවුලේ සිව් දෙනා සොයා මෙහෙයුම් පසුගිය දා කදපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කදපොල චන්දිරිගම නායයැමකින් අතුරුදහන් වූ මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය සොයා නුවරඑලිය සිංහ රෙජිමේන්තුවේ භට පිරිසි විසින් ඊයේ (01) දින මෙහෙයුමක් දියත් කලහ. 02 December 2025
විපතට පත් අයට එල්.බී ෆිනෑන්ස් පිහිටක් වෙයි අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව එල්.බී ෆිනෑන්ස් සමාගම විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය. 02 December 2025
වැනසුණු ආගමික ස්ථාන හදන්න පොහොට්ටුවේ සහය ආපදාවට ලක්ව සම්පූර්ණයෙන් විනාශ වූ සහ හානිවූ ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැගීමට හා පිළිසකර කර දීමට සහාය දෙන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය. 02 December 2025
මහියංගණය රෝහල යථා තත්වයට ජලයෙන් යටවී දින කිහිපයක් සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබූ මහියංගනය රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු මේවනවිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. 02 December 2025
ප්‍රා.ලේ.කොට්ඨාස 70 කට රතු නිවේදන දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (02 ) සවස දක්වා බල පැවැත්වෙන පරිදි නාය යෑමේ තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27 කට පළමු සහ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර තිබේ. 02 December 2025
මෝදි-අනුර දුරකථන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් සිදුව තිබේ. 02 December 2025
නාගරික මන්ත්‍රීට පහරදුන් 6ක් අල්ලයි අතුරුගිරිය තුන්අදහේන ප්‍රදේශයේ ගං වතුරින් පීඩාවට පත්ව සිටි ජනතාවට සකස් ආහාර බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග ගොස් කඩුවෙල මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගාරික මන්ත්‍රීවරයෙකුට ඊයේ (01) දින පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් හය දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි 02 December 2025
විදෙස් පරිත්‍යාග තීරු බදු නැතිව ගෙන්වන ක්‍රමයක් විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට පත් වූ ජනතාව වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක් රජයේ හඳුන්වා දී තිබේ. 02 December 2025
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර තොගයක් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් ආධාර තොගයක් රැගත් පළමු ගුවන් යානය අද අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ පැමිණියේය . 02 December 2025
වැඩි මිලට බඩු වික්කොත් දැඩි දඬුවම් ආපදා අවස්ථාවේ වැඩි මිලට බඩු විකුණා අයුතු ලාභ ගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 December 2025
තැනින් තැනට සුළු වැස්සක් උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 December 2025
මහනුවර යට වෙන්න හේතුව කිරිඇල්ල කියයි වික්ටෝරියා ජලාශය වරින් වර ක්‍රමානුකූලව විවෘත නොකර වාන් දොරටු වසාගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා මහනුවර නගරය යටවී මෙම විශාල ඛේදවාචකය ඇතිවුණු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 01 December 2025
හව්හරණක් නැතිව අවසන් ගමනේ උඩපළාත ඉහළගම මාවතුර ප්‍රදේශයේ මහා කන්දක් නාය යෑමෙන් ගම්මානයේ 40 කට ආසන්න පිරිසක් එම කන්දට යවන්නට ඇතැයි ඇතැයි ගම්වාසීහු පවසති. 01 December 2025
ආපදාව ගණන් නොගත්තාට ආණ්ඩුවට නඩු කාලගුණ ආපදාව සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 December 2025
ජනපති, ආණ්ඩුකාරවරුන් - පළාත් ලේකම්වරුන් අමතයි රටටම එකවර බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මෑත කාලයේ සිදුවූ විශාලම විනාශයට රටට මුහුණ දීමට සිදුව තිබෙන බවත්, මෙම තත්ත්වය කඩිනමින් මගහරවා ගනිමින් යළි රට ගොඩනැගීමේදී ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා පැවසීය. 01 December 2025
ආපදාවට හසුවූ නිවාසවලට දැනුම් දෙන තුරු යන්න එපා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් පරීක්ෂා කර නිවසට යන ලෙස නිර්දේශ කරන තෙක් නිවසින් පිටව සිටින ජනතාවගෙන් නැවත නිවසට නොයන ලෙස ඉල්ලා සිටින බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අද (1) පැවසීය. 01 December 2025
කැලණි ගඟ රුදුරු වී කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල නගරය සහ අධිවේගී අධිවේගී පිවිසුම අවට අඩි දහයක පමණ ජලය මට්ටමක් දක්නට ලැබිණි. 01 December 2025
ප්‍රමාණවත් දුම්රිය නොමැති නිසා මගීහු මහ මග දුම්රිය ගමන් වාර සංඛ්‍යාව සීමා කිරීමට සහ කුඩා දුම්රිය ධාවනයේ යෙදවීමට බලධාරීන් උපදෙස් දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පවසති. 01 December 2025
චීනයේ විශ්වාසය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවර නායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සාමූහික සහයෝගය යටතේ ආපදා තත්වයෙන් ගොඩඒමස සඳහා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි චීනය විශ්වාස කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 01 December 2025
රට යළි ගොඩනගන අරමුදලට කැබිනට් අනුමැතිය ‘දිට්වා’ සුළි කුණාටුවෙි හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 01 December 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026