ගම්පහ සියයට 63යි ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ලලින්ද ගමගේ මහතා සදහන් කරයි. 21 September 2024
නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි 21 September 2024
දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි 2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී සුමනසේකර මහතා පවසයි. 21 September 2024
ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 September 2024
බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 21 September 2024
රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්‍රීයේ ආපසු හරවා යවා තිබේ . 21 September 2024
ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි කාරයාලය පවසයි. 21 September 2024
ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය. 21 September 2024
බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින් කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථයේ රියදුරු බීමත්ව සිටියේයැයි සිය බාරයට ගත් බව රුවන්වැල්ල පොලීසිය කියයි. 21 September 2024
ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. 21 September 2024
’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම් නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දී ඇත. 21 September 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 September 2024
ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. 21 September 2024
විදුලිය -ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කරයි විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ. 21 September 2024
ජනපතිවරණය ඇරැඹේ නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය. 21 September 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානය ද තහවුරු කර ඇත. 21 September 2024
ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. 21 September 2024
ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැයි, කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ දම්මින්න කොට්ඨාස සංවිධායකවරයා අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 20 September 2024
ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය. 20 September 2024
මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක් ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති. 20 September 2024
වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය? වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනු ඇති බවත් හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා පවසා පැය 24 ක් ගතවීමටත් මත්තෙන් ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. 20 September 2024
හොර ඡන්දයට වසරක සිර දඬුවමක් ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් (නීති) චින්තක කුලරත්න මහතා පැවසීය. 20 September 2024
පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙන්වීමට පියවර ගත් බව වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ මැතිවරණ කාර්යාලය පවසයි. 20 September 2024
සරසවි කඩඉම් නිකුත් වෙයි අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද (20) පස්වරුවේ නිකුත් කරන බව පවසයි. 20 September 2024
ජ‘පුර යළි විවෘත කරයි තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය. 20 September 2024
පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19) රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු විසින් ගිනිතබා විනාශ කර එහි ආරක්ෂක නිළධාරියාට පහරදී තුවාල සිදුකර ඇති බව මැදිරිගිරිය පොලීසිය පවසයි. 20 September 2024
කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත. 20 September 2024
පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත. 20 September 2024
මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය . 20 September 2024
වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 20 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025