
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ තඹුත්තේගම ඉකිලි වැව පදිංචිව සිටි හේවා ඇඹිත්තගේ සිතෙව් තනුල්ය නමැති සිව් හැවිරිදි දරුවෙකි. මියගිය දරුවා සිය පියා සමඟ පියාගේ සහෝදරියගේ නිවසට මීට දින කීපයකට ඉහතදී පැමිණ ඇතැයි පොලිසිය කියයි.
එම සහෝදරයා සහ සහෝදරිය ඔවුන්ගේ කුඩා දරුවන් සමග විනෝද වීම සඳහා මෙම නිවාඩු නිකේතනය සඳහා පැමිණ කුඩා දරුවන්ට වෙන් වූ පිහිනුම් තටාකයේ ඔවුන්ට විනෝද වීම සඳහා ඉඩ හැර ඔවුන් මඳක් ඈතට වන්නට සිට ඇතැයි බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන්ගේ නිරීක්ෂණය, සහ අවධානය තදින්ම තිබිය යුතු වයසක් . වගකීම් රහිතව වැඩ කරන දෙමව්පියන්ගෙන් දරුවන්ට හානියක් මිස හොඳක් සිදු වන්නේ නැහැ. බොහෝ කනගාටුදායක මරණයක්.
ඉතාම කනගාටුයි .දෙමව්පියන්ගේ නොසැලකිල්ල