IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රනිල් යළි ඉන්දියාවට

(අංජුල මහික වීරරත්න)

හිටපු  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ඉන්දීය සංචාරයේ නිරත වන්නේ ඉකුත් ජනපතිවරණයෙන් පසු සිව්වන වරටයි.

හින්දු පුවත්පතේ පස්වන සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා ලැබ ඇත.

කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිද්ධරාමණී මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි.

දින දෙකක් පැවැත්වෙන මෙම උත්සවය සඳහා දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍ර වල ප්‍රවීණයෝ සහභාගී වෙති.



අදහස් (12)

රනිල් යළි ඉන්දියාවට

මැක්ස් Tuesday, 06 May 2025 05:53 PM

ලංකාවෙ කෙසේ වෙතත් ලෝකය පිළිගන්නෙ කයිවාරුව පමණක් ඇති බොරුකාර, රැවටිලිකාර කයිතන්ලා නොව දැන උගත් පුද්ගලයින් වගට මෙම පුවත හොඳ උදාහරණයකි.

:       13       2

වින්සන්ට් කජ්ජා Tuesday, 06 May 2025 05:54 PM

මෙතුමාගේ මාතෘකාව සාර්ථක වධ කඳවුරු පවත්වන හැටිද?

:       1       13

මාබංකුසිංහ Tuesday, 06 May 2025 05:56 PM

කී නෝට් එක බැංකු සම්බන්ධ කාරණයයක් නම් ඉතිං මට වඩා කවුද!?!

:       2       12

බටගොඩ දොං සීමන් Tuesday, 06 May 2025 07:11 PM

හපොයි මේ සිලින්ඩර සීයාටත් ගෙදරට වෙලා ඉන්න බැරි හැටි. මේ නහින දෙහින කාළේ. මේ රැස්වීමට අල් ජසීරා එකෙන් එහෙම එන්නෙ නැතෙයි?

:       0       8

saman Tuesday, 06 May 2025 07:34 PM

ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීම සහ පකිස්ථාන වැසියන්ගෙන් එම වෛරය පිරිමැසීමට සදහා ඉන්දියාව සහ පකිස්ථානයට අයත් / ලැබෙනා වූ ජලය පාලනය කිරීමට හෝ නැවත්වීමට තීරණය කර ඇත. එය කිසිසේත්ම සිදුනොවිය යුතු කාරණයකි. යුද්දය හෝ වෙනත් දේශපනික කරණයක් මත ඉන්දියාව මෙවැනි අමනුශීය ( ජලය පාලනය කිරීමට හෝ නැවත්වීමට තීරණය ) ක්‍රියා සිදුකිරීම ඉන්දියානු දේශපාලන නායකයන් ලෝකයට ලබදෙනාවූ පණිවුඩය වන මනුශියව ගටලුවිසදා ගත හැකි බව සහ බුදුන්ගේ මාවත අනුගමනය කලයුතු බව කරනාවූ ප්‍රකශයන්ට පටහැනිය.

:       5       1

පොඩිඑකා Tuesday, 06 May 2025 07:47 PM

කර්ණාටකයට යන නරනාටකය…!

:       1       9

ජිල්බුWednesday, 07 May 2025 02:17 PM

අර සමන්ව දොස්තර ළඟට එක්ක යන දවස අද නේද?

:       1       3

කෞෂි Tuesday, 06 May 2025 08:20 PM

ඔන්න ඔයවගේ අනුන්ගේ වියදමෙන් රටට බරක් නොවී මිනිස්සුන්ට වාතයක් නොවී සංචාර කර කර ඉතුරු ටිකත් ජීවත්වෙන්න මිස්ටර් බැක්ඩෝර්. UNP එකෙත් හිටපු හොඳම අය ඝාතනය උනාමනේ නායකකම ලැබුණේ. ඒකත් බැක්ඩෝර් වගේ තමයි.

:       1       12

කව්ද බෝයි Tuesday, 06 May 2025 08:47 PM

මෙතුමා සහභාගී වෙන්නේ "රට කෑමේ ප්‍රවීණයන්" නියෝජනය කරමින්. ප්‍රධාන දේශණය "රටක ආර්ථික මර්මස්ථාන කුණුකොල්ලෙට විකුණා කෑම, රටක මහා බැංකුව කඩන හැටි, රටක මැතිවරණ කාලයකදී දේශපාලන හෙන්චයියන්ට බාර් සහ ඉන්ධනහල් පර්මිට් බෙදන හැටි" යනාදී ඉතාමත් අත්‍යවශ්‍ය මාතෘකා සම්භන්ධවය.

:       1       5

chandima Tuesday, 06 May 2025 09:53 PM

ගුලියක් අඹරලා එන්න ගිහින් වගේ ?

:       0       5

Hafiz Tuesday, 06 May 2025 10:56 PM

පිනට රටසවාරි යන්නෙ නැතුව කසනව වගේ ඇති මේ යකාට

:       0       4

Bunny Preena Wednesday, 07 May 2025 08:54 AM

ගිහිල්ලා සතුටින් එන්න. හැබැයි "හින්දු" හෝ වෙනත් පුවත් පත් සමඟ වැඩිය සාකච්ඡාවලට යන්ට එපා. අල්ජසීරා එකේදී මොකද්ද උනේ කියලා හොඳට මතක නැතිනේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site