
(සුජිත් හේවාජුලිගේ)
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
එසේම ඡන්ද පත්‍රිකා වල වෙනත් ලකුණු සලකුණු සහ කුරුටු බලි ඇඳි ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.
සමහරුන් තමන්ගේ පක්ෂ වලට ඇති ළැදියාව ප්‍රකාශ කිරීමට විවිධ දේ ඡන්ද පත්‍රිකා වල සටහන් කරන බව පැවසූ සභාපතිවරයා එවැනි ඡන්ද පාත්‍රිකාද ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.
මෙවර ඡන්ද පත්‍රිකාව ඉතා සරල එකක් බවත් තමන් කැමති පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ කතිරය පමණක් ලකුණු කළ යුතු බවත් ආනන්ද රත්නායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ක්‍රියාත්මක ඡන්ද නීතිය අනුව යම් ඡන්දය භාවිත කිරීමට පෙර ඔහුගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත පරීක්ෂා කිරීම සහ ඡන්ද හිමි නාම ලේඛනය පරීක්ෂා කර එහි නම කපාහැර ඇගිලි පාට කිරීම සිදුවෙනවා. මෙහිදී ඇගිල්ල පාට කිරීම ඉවත් කිරීම තුලින් නිලධාරීන්ට කරන ගෙවීම සහ තීන්ත ආලේප වියදම ද අඩු කල හැකිය. හොර ඡන්ද ප්‍රකාශ කිරීමට ද ඉඩකඩ නැත.