හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය. 22 September 2024
වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යමින් සිටි නිළධාරීනියක සහ ඇගේ පියා ගමන් ගත් යතුරු පැදිය ගැටීමෙන් තුවාල ලැබූ පියා සහ දියණිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 22 September 2024
රත්නපුර තැපැල් ඡන්ද අනුරට පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය 21 September 2024
ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක් ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න විශ්වාස කරන බවත් ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා ඉතාම නිවැරදිව හා නිරවුල් කිරීමට මැතිවරණ කොමිසම සහ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 September 2024
රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 21 September 2024
ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක් සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ. 21 September 2024
හම්බන්තොට සියයට 79යි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය. 21 September 2024
ත්‍රිකුණාමලය සියයට 76යි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍රකාශ කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී හා දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය . 21 September 2024
පොලොන්නරුව සියයට 78යි මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය. 21 September 2024
23 රජයේ නිවාඩු දිනයක් රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 21 September 2024
රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔවුනට චන්දය නොදමා ආපසු යාමට සිදුවූහ. 21 September 2024
දිගාමඩුල්ලේ සියයට 73 යි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධාරි චින්තක අබේවික්‍රම මහතා ප්‍රකාශ කලේය. 21 September 2024
බදුල්ල සියයට 73 යි ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . 21 September 2024
වන්නි සියයට 69යි 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පි.ඒ. සරත්චන්ද්‍ර මහතා පැවසීය. 21 September 2024
අනුරාධපුර සියයට 75යි මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර නිලධාරි රංජිත් විමලසූරිය මහතා පවසයි. 21 September 2024
මහනුවර සියයට 80යි මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80 මට්ටමේ පැවැති බව මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසීය . 21 September 2024
නුවරඑළිය සියයට 80යි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ. 21 September 2024
ගම්පහ සියයට 75යි ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි. 21 September 2024
ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලපිටමඩ පොලීසිය කියයි. 21 September 2024
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්‍රතිඵලය අද මාධ්‍යම රාත්‍රීයේ දි සිදු කිරිමට නියමිතය. 21 September 2024
නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි . 21 September 2024
ගාල්ලේ සියයට 61 යි ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක් ඡායාරූපයේ දැක්වේ. 21 September 2024
පුත්තලමේ සියයට 57 යි පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි. 21 September 2024
මාතර සියයට 64යි ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමරසිංහ මහතා පැවසීය. 21 September 2024
පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක් ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මැතිවරණ කොට්ඨාශයෙන් වාර්ථාවේ. 21 September 2024
ඡන්ද නිරීක්ෂකය හෘදයාබාධයෙන් මරුට රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේ ශාලා අංක එකේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඡන්ද නිරීක්ෂණයට ආ 68 හැවිරිදි පුද්ගලයකු හදිසියේ හෘදයාබාධයක් වැළදිමෙන් ජීවිතක්ෂයට පත්වු බව රත්නපුර පොලිසිය පැවසීය. 21 September 2024
පොලොන්නරුව සියයට 65 මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය. 21 September 2024
මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැක ගත හැකිය. 21 September 2024
ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින් පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පුලස්තිපුර පොලිසිය සඳහන් කරයි. 21 September 2024
ඡන්ද විමසීම සාමකාමියි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි. 21 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025