IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ස්වාධීන කණ්ඩායමක් ජයගත් පුංචිම නගර සභාව

(සමන් පාලිත නානායක්කාර)

ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක්  ජයග්‍රහණය කළේය.

ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගය දෙවන ස්ථානයට පත් වී තිබේ. තෙවැනි ස්ථානය සමගි ජන බලවේගය ආසන දෙකක් ලබාගත්තේය.

කිසිදු පක්ෂයකට සම්බන්ධයක් නොමැතිව හපුතලේ නගර සභාව ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ජයග්‍රහණය කිරීමට ලැබීම විශේෂත්වයක් බව හපුතලේ නගර සභාව ජයග්‍රහණය කළ ස්වාධීන කණ්ඩායම් නායක උපුල් දිසානායක මහතා පැවසීය.

2011 වර්ෂයේ නගරාධිපතිවරයා වශයෙන් ද ඊට පසුව පැවති පළාත් පාර්ලිමැතිවරණයෙන් වසර දෙක හාමාරක් හපුතලේ නගරාධිපතවරයා වශයෙන්ද තමා කටයුතු කර ඇත. මීට පෙර නගර සභාව වෙනුවෙන් තමා කළ සේවය කෙරෙහි තැබූ විශ්වාසය මෙලෙස ජයග්‍රහණය කර ගැනීමට හේතු වූ බවත් සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයා එක්ව කිසිදු භේදයකින් තොරව හපුතලේ ජයග්‍රහණය කිරීමට හැකි බවත් උපුල් දිසානායක මහතා පැවසීය.

දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත්ගත් ඉතා වැදගත් ගමනාන්තයක් වන හපුතලේ පුළුල් වැඩපිළිවෙළක් යටතේ සංචාරක කර්මාන්තය ප්‍රමුඛ සියලු අංශවල විධිමත් සංවර්ධනයක් ඇති කිරීම ට තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය හපුතලේ ජනතාව පිළිගත් බවත් ඒ සඳහා ස්තුතිය පුද කරන බවත් උපුල් දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ කුඩාම නගර සභාව වන හපුතලේ නගර සභාවේ මුළු ඡන්ද සංඛ්‍යාව 3051ක් වූ අතර කොට්ඨාස හතකින් සමන්විත විය. ඉන් කොට්ඨාස පහක ජයග්‍රහණය ස්වාධීන කණ්ඩායමට හිමි වූ අතර ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1038කි.

ජාතික ජන බලවේගය ඡන්ද 844ක් ලබාගෙන සභිකයෙන් හතර දෙනෙකුද සමගි ජනබලවේගය ඡන්ද 374 ක් ලබාගෙන සභිකයන් දෙදෙනෙකුද තේරී පත්විය.

 



අදහස් (0)

ස්වාධීන කණ්ඩායමක් ජයගත් පුංචිම නගර සභාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site