පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ඇමති පෝල්රාජ් අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස තේරීපත් වූවාය. 04 December 2024
පාර්ලිමේන්තුවේ තුන්වන මහලේ හටගත් ගින්න නිමා දමයි පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ක්ෂණිකව අද(04) පෙරවරුවේ නිවා දමනු ලැබීය. 04 December 2024
බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවැසීය. 04 December 2024
ජනපති-ඉලංගෙයි තමිල් අරසු කච්චි හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 04 December 2024
මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 04 December 2024
ජනපති- ලෝක බැංකු විධායක අධ්යක්ෂ හමුවක් රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය. 04 December 2024
අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කළා මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදීමක් නැතිව සම්මතයි ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය. 04 December 2024
අයිස් සමඟ ඇල්ලූ ලාංකික ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින් පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356 ක් සමග අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකාර ශ්‍රී ලංකීය ධීවරින් එකොළොස් දෙනා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) අවසර ලබා දී ඇත. 04 December 2024
දරුවන් පහක් හැදූ බව කාත් කවුරුත් නැතිව අවසන් ගමනේ දරුවන් පස් දෙනකු මෙලොවට බිහි කළ මවකගේ මළ සිරුර බාර ගැනිමට කිසිදු දරුවකු ඉදිරිපත් නොවිමේ හේතුවෙන් හොරොව්පොතන රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ආගමික වතාවත් සිදුකොට ඇයගේ මෘත දේහය හොරොව්පොතාන පොදු සුසාන භුමියේ මිහිදන් කිරිමට පියවර ගත්තේය. 04 December 2024
අධිකරණ අපහාස නඩුවෙන් හිරුණිකා නිදහස් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් ,ප්රවෘත්ති සාකච්ඡාවකදී විවේචනය කිරීම මගින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට අපහාස සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය අදාල චෝදනා වලින් ඇයව නිදහස් කිරීමට අද තීරණය කළේය. 04 December 2024
මෙන්ඩිස් සමාගමේ පෙත්සම විසි වෙයි හිඟ සුරා බදු මුදල් නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත් හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. 04 December 2024
කලින් ආණ්ඩුව රට හාල් ගෙන්වා කෝටි 1500ක් නැති කළා එල්බෝඩ් නැති පලපුරුදු ආණ්ඩු රටින් හාල් ගෙන්වීමේ මගඩි වලින් රුපියල් කෝටි 1500කට වඩා රටට අහිමි කර තිබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
ජාතික සමගිය ගේන්න බැරිවීම ගැන හැම පක්ෂයක්ම වගකිව යුතුයි වසර 76ක් තිස්සේ රටේ ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි වීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කළ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
අලිවැට හදන්න ගොවීන්ට බඩු දෙයි මහවැලි බි කලාපයට බලපා ඇති අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලි වැටවල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මූලික අදියර වශයෙන් අලි වැටවල් අටක් ඉදිකිරීමට ගොවි සංවිධාන වෙත අවශ්‍ය උපකරණ බෙදාදීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහභාගිත්වයෙන් මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේ දී සිදු කළේය. 04 December 2024
මෙන්න පණ දෙනවා නම් තැන් ඇඹිලිපිටිය ගොවීන්ගේ වී ඇතුළු ධාන්‍ය වර්ග වියළා තබා ගැනීම සඳහා ගබඩා කිරීමේ අරමුණ ඇතිව රුපියල් තිස් අට කොටියක ව්යමක් දරා ඉදිකළ ධාන්‍ය සුරකුම් මධ්‍යස්ථානය හා එහි කෝටි ගණනාවක් වටිනා යන්ත්‍ර සූත්‍ර කිසිම ප්‍රයෝජනයකට නොගෙන මේ වනව්ට විනාශයට පත්වෙමින් පවතින බව ගොවීහු පවසති. 04 December 2024
සොරාගත් - සැඟවූ රජයේ වත්කම් හොයන්න පනත් 3ක් දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් සොරා ගත් හෝ සැඟවූ රජයේ වත්කම් අය කර ගැනීමට නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරි මාස කිහිපයේදී ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 December 2024
තිස්සෙ ජනතාව හාල් නැතිව තැවේ රතු කැකුළු හාල්වලට නමක් දරා සිටි අම්බලන්තොට ප්‍රදේශයේත් මේ දිනවල හාල් නොමැතිකමින් පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්වි සිටිති. 04 December 2024
සතොසෙන් පොල් 130ට ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 බැගින් විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
බූස්ස බන්ධනාගාරයේ දුකරථන උපාංග තොගයක් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තිබී බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය වන ජංගම දුරකථන උපාංග තොගයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 December 2024
කොරියාවේ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක් කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 04 December 2024
එතෙර සෞඛ්‍ය ව්‍යාපෘති මෙතෙරට ගේන විට නිසි ඇගයීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 04 December 2024
තාප්පයක කොටසක් කඩා වැටී පෑස්සුම් ශිල්පියා මරුට නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි . 04 December 2024
IMF ගිවිසුම හරියට නොකළොත් රට අමාරුවේ අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
බාල බෙහෙත් 500ක්: රෝගී ජීවිත අවදානමේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමට ලක්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 04 December 2024
රෝගී සහෝදරයා බලා ගෙදර එද්දී ටිපරයක ගැටී මරුට රෝගී , සහෝදරයාට රාත්‍රී ආහාර පාර්සලක් ලබාදී මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මොරන්තුඩුව දැල්කඩ හන්දිය අසලදී ටිපර් රථයක ගැටී ඊයේ (03) රාත්‍රී සිදු වූ අනතුරකින් එම තරුණයා මියගොස් මිතුරා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි. 04 December 2024
තායිලන්ත ජාතික දිනය මෙරට සමරයි තායිලන්ත ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් කොළඹදී ඊයේ (3) පැවැත්වීය. 04 December 2024
වැලිකඩ නිලධාරින් රැදවියන් නිවාසවල වැඩට යොදවාගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා 233 කදි බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස පරිශ්‍රයන් තුළ සේවයේ යොදවා ඇතැයි බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. 04 December 2024
රට විරුවන් ගැන වාර්ථා එළියට 2024 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකිකයන් 22685 දෙනකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වී ඇති බව කාර්යාංශය සදහන් කරයි. 04 December 2024
’’පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු මගේ ළඟත් තියෙනවා’’ පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන්නේ යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026