(අංජුල මහික වීරරත්න)
ජනතාවට ඡන්ද එපාවෙලා නැහැ.ඡන්ද දායකයන්ගෙන් අහන්න .මම එක්කෙනෙක් විතරයි යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදී පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව කීවේ ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය අඩුවෙනු ඇතැයි ඔබ සිතන්නේ ඇයි?ජනතාවට ඡන්දය එපා වෙලාදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.
බොහෝ විට උදේ වරුවේ තිබුනේ 9-10%ක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක්.උදේ සහ දවල් තමයි වැඩිම පිරිසක් ඡන්ද ප්‍රකාශ කරන්නේ. දවල්ට යම් පිරිසක් ඡන්දය දීමට එනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය:-
පළාත් පාලන මැතිවරණයේ ඡන්දය දෙන ප්‍රතිශතය අඩු වෙනු ඇතැයි ඔබ සිතනවාද?
පිළිතුර:-
මම විතරක් නෙමෙයි ගොඩක් අය ඒක කියනවා.
ප්‍රශ්නය:-
ගොඩක් තැන් වල මැතිවරණයට උනන්දුවක් තියෙන අයුරු අප දුටුවා.
පිළිතුර:-
සමහර තැන් වල උනන්දුවක් තියෙනවා. අපේක්ෂකයන් 75000ක් ඉන්නවා.ඡන්ද දායකයන් මිලියන 17ට, එනම් හැම දෙසීයකටම එක් අපේක්ෂකයෙක් ඉන්නවා.මට එන ආරංචි හැටියට පෞද්ගලිකව අපේක්ෂකයන් සඳහා කැමති අය ඡන්දය පාවිච්චි කරන්න එනවා.සමහර තැන්වල අඩුයි, සමහර තැන් වල වැඩියි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රනිල් ඡන්දය ප්‍රකාශ කරයි
Hareen Tuesday, 06 May 2025 10:55 PM
හරකෙක් තණකොළ කනවා දාන්නකෝ..මේ එලොවටවත්ව මෙලොවටවත්ල වැඩක් නැති වලපයයි ගොඩ පයයි සීයගෙ ඒවා දාන්නේ නැතුව