
(දයාරත්න ඇඹෝගම)
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැකැතිපොතාන ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකි.
මෙම අපේක්ෂකයා පසුගිය 2023 වසරේ ලබාගත් රැපියල් 29,500.00 ගොවි ණය මුදල් නැවත නොගෙවිමේ හේතුවෙන් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කොට තිබු අයෙකි.
ඒ අනුව මෙම පුද්ගලයා දැකැතිපොතාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරිමේදි ඔහු මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු බවට අනාවරණයවු බවද පොලිසිය පැවසිය.
COMMENTS
මරු මරු වරෙන්තුකරුවන්ටත් දේශපාලනයේ අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් රටක් මේක. මරු නීතිය ක.ක..ස. කෙනෙක් බඳවා ගන්නත් පරම්පරා 7ක් විස්තර හොයනවා. මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනෑම පාතාලයෙකුට වෙඩික්කරුවන්ට උනත් පුළුවන් නේද මැකෝ?
ඉතිං කලින් අත්අඩංගුවට ගන්න තිබ්බානේ කොයි පක්ෂේද දැන් දන්නේ නෑනේ