
(විමුක්ති එස් රුද්‍රිගු)
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක් කළා යැයි කියන සිදුවීමට අදාළව විදේශ නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළුව 06 දෙනෙකුගේ සේවය අත්හිටුවමින් ඊයේ(05) දිනසිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනමට ලක්කළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
2022 සිට 2024 අගෝස්තු මාසය දක්වා කාන්තාවන් 35000කට ආසන්න පිරිසක් මෙලෙස පළමුවරට ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ඔවුන් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුවෙන් වංචා සහගත ලෙස නිදහස් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මීට පෙර විදේශ රැකියා සදහා පිටත්ව නොගිය කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් පළපුරුද්ද ඇති බවට සහතික කරන ලද කූඨ ලේඛන සකස්කර මෙම දැවැන්ත මූල්‍ය වංචාව සිදු කර ඇති බවත් ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ හතලිස් දහස දක්වා මුදලක් අයකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
අදාළ වංචාව පිළිබඳව ලද තොරතුරු අනුව මෙලෙස පුහුණුව නොමැතිව ගෘහ සේවය සඳහා විදේශගත වීම හේතුවෙන් රැකියාවේ දී ඉතා අවදානම් සහගත තත්ත්වයන්ට එම කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවී ඇති අවස්ථා වාර්තා වී තිබෙන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. පුහුණුව නොමැතිව විදේශ ගතවූ ගෘහ සේවිකාවන් විදේශ රටවල දී විවිධ හිංසාවන්ට සහ අඩත්තේට්ටම් වලට ලක්වී ඇති අවස්ථාද වාර්තා වී තිබෙන බව ආරංචි මාර්ග පැවැසුවේය.
ඒ අනුව මෙම මූල්‍ය වංචාව සහ අක්‍රමිකතාව පිළිබද සියලු තොරතුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ප්‍රථම වරට මෙම වංචාව පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කර තිබූ බවත් රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දීද මේ පිළිබඳව කරුණු විමසා තිබූ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ඒ අනුව යමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කළ බවත් එම විමර්ශනයට අදාළව ඉහත නිලධාරීන්ගේ සේවය අත්හිටුවමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අප පුවත්පත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට කීපවතාවක් උත්සාහ දැරුවත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ආණ්ඩු යටතේ කිසිම වංචාවක් උනේ නෑ. මේ බොරු කියන්නේ.
අනෙක් අයට පාඩම් ඉගෙන ගැනීම සඳහා මෙම වැරදිකරුවන්ගේ තොරතුරු ප්‍රකාශයට පත් කරන්න. ඔවුන් වැඩ තහනම් කිරීමෙන් පමණක් ගැටලුව විසඳෙන්නේ නැති බව සලකන්න. සොබා දහමේ දෙවිවරුන් ඔවුන්ට ප්‍රමාණවත් ලෙස විනෝදය ලබා දෙන්නේ නම් මිස, කොල්ලකන ලද මුදල් ඔවුන්ගේ පවුල්වලට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට ප්‍රමාණවත් බව පෙනේ!!
මවුන් මේ සදහා පොළඹවනු ලැබුයේ විදේශ රැකියා ඒජන්සි කාරුවන් Co-op කමිටුවෙදි අපි දැක්කා විදේශ රැකියා ආයතනයකට අරක් ගෙන ඒ සඳහා අරක් ගත් අය සහ රජයේ නිලධාරීන් වෙනුවට පිළිතුරු බඳින අයත් මොවුන් කෙසේද රාජ්‍ය සේවයේ අය වගේ Co-op කමිටුවට සහභාගි වුණේ කියාත් ප්‍රශ්නයක්. ඔවුන්ගේ නියෝජිතයෝ මැදපෙරදිග තානාපති කාර්යාල වලටත් අරක් ගෙන ඉන්නවා. මේ කූට ලේඛන වලට සහය දිය යුතුයි.
ඇත්තටම මෙම යල්පැනගිය නිතී සංශෝධනය කල යුතුයි! ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ආකාර්යක්ෂමවිමට ප්‍රධාන හේතුව යල්පැනගිය නිතිරිති! රටක් සංවිධානයට ප්‍රධාන සාධකයක් වන්නේ සුමට නෛතික පසුබිමක් ඇතිවිමයි!
කෝටි 250ක් හොයා ගත්තට පස්සේ ගෙදර හිටියත් මොකද? දඬුවම හොඳටම මදි, ආපහු සල්ලි ටික ගන්න
ජරාව කන්න පුරුදු උන එවුන් මොන ආණ්ඩුව තිබුණත් ඒක කරනවා. පක්ෂ වලට බැන බැන ඉඳලා වැඩක් නෑ, මේ මුළු යාන්ත්‍රණයම වෙනස් කළ යුතුයි.
මෙලෝ රහක් නෑ ඔයාගේ ට්‍රේනින් එක. පරණ ඒවා තමා තවම කියන්නේ.